ලෝකයේම ක්‍රිකට් අද සිට එකට එකතු වේ. ලොව බලවත්ම රාජ්‍යය වන ඇමෙරිකාවෙන් අද සිට ඇරඹී එකල ලොව බලවත්ම ක්‍රිකට් අධිරාජ්‍යය වූ බටහිර ඉන්දීය කොදෙව් දේශයෙන් නිමාවන ඒ මහා ක්‍රිකට් සැණකෙළිය 09 වැනි පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වේ.

මෙම ලෝක කුසලාන තරගාවලිය ලොව වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් සිය ජවය ශක්තිය පෙන්වන තරගාවලිය වේ. කණ්ඩායම් විස්සක් කාණ්ඩ හතරකට බෙදී ලීග් ක්‍රමයට තරග වැදී දෙවන වටයට පිවිසීමට තරග කරනු ඇත. අනතුරුව එක් එක් කාණ්ඩයෙන් පළමු ස්ථාන දෙක හිමිකර ගන්නා කණ්ඩායම් 8 සුපිරි 08 වටයේ තරගකරුවන් වනු ඇත. ඉන් පෙරමුණ ගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. ඉන් ජය ජයගන්නා කණ්ඩායම් දෙක ජුනි 29 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වනු ඇත.

බාබඩෝස් හි කෙන්සිංටන් හි ඕවල් ක්‍රීඩාංගණයේදී එම අවසන් මහා තරගය පැවැත්වේ.

සත්කාරක ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර සටනින් අද ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව “ඩී” කාණ්ඩයෙන් තරග වදී. එහිදී ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය හෙට (03 වැනිදා) දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිතය.

ලෝක කුසලානයක් අභිමුව

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment