ලෝක කුසලාන සටනේ පළමු අර්ධ ශතකය රූට්ගෙන්

206

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් වත්මන් ශූර එංගලන්තය සහ අනුශූර නවසීලන්තය ඊයේ තරග බිමට පිවිසි අතර පළමුව පන්දුවට පහරදුන් එන්ගලන්තය නියමිත පන්දු වාර 50 තුළ තුළ දී කඩුලු 9 ක් දැවී ලකුණු 282 ක් ලබා ගත්තේය.

එහිදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් හිටපු නායක ජෝ රූට් ලකුණු 77 ක් ලබා ගත් අතර මෙවර තරගාවලියේ පළමු කඩුල්ල නවසීලන්තයේ මැට් හෙන්රි විසින් හිමිකර ගන්නා ලදී.

නවසීලන්තයේ නිත්‍ය නායක කේන් විලියම්සන් සහ එංගලන්තයේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් මෙම තරගයට සහභාගි නොවූහ.

පකිස්තානය සහ නෙදර්ලන්තය අතර තරගය අද පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment