ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා හෙට (07) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ .
ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවී සාකච්ජා කිරීමට නියමිතය . එමෙන්ම ,රජයේ සහ පුද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් හමුවීමට ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා සැලසුම් කර ඇතැයි වාර්තා වේ .
ලෝක බැංකු සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 20කට පමණ පසුව ය .