වචනෙ රකිනවා: හාල් එවනවා – ඩඩ්ලි

662

රටේ නීතියට සියලුම දෙනා යටත් බවත් ජනාධිපති සමග එකඟ වූ ආකාරයට සහල් වෙළෙඳපොළට නිකුත් කරන බවත් මහ පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.

සහල් අලෙවි කරන වෙළෙන්දන්ට රුපියල් 05ක ලාභයක් තබාගෙන ලබන අස්වැන්න නෙළනතුරු මේ මිල පවත්වාගෙන යෑමට ජනාධිපතිවරයා සමග සිදුකළ සාකච්ඡාවේදී එකග වූ බවත් ජනාධිපතිවරයාට සහයෝගයක් ලෙස මෙය සිදුකිරීමට ව්‍යාපාරිකයන් එකඟ වූ බවත් සිරිසේන මහතා කීය.

මේ වනවිට සඟවා ඇති සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු ත්‍රිවිධ හමුදාව යොදවා හෝ සිදුකරන ලෙසට තමා ජනාධිපතිගෙන් ඉල්ලා සිටි බවත් එතෙක් දුර යෑමට අවශ්‍ය නොමැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත් ඔහු විද්්‍යුත් මාධ්‍යයකට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණි.

වෙළෙඳපොළේ මිලක් සඳහන් නොකර තිබෙන සහල් මිලදී නොගන්නා ලෙසත් මිලක් සටහන් කර ඇති සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයන් කටයුතු කළයුතු බවත් ඔහු කීය.

චමින්ද සිල්වා


advertistmentadvertistment