වහින්නේ කඩින් කඩ – රස්නෙත් තියෙන හැඩ

25

අද නිකුත් කර ඇති කාලගුණ නිවේදනය අනුව මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වහිද පොළොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හිද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ තිබේ .

මධ්‍යම, සබරගමුව, සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැක.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු ගැන සැළකිලිමත් වන ලෙස ජනතාවට දැනුම්දේ .
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අධික විය හැකි බවයි .
උතුරු , උතුරු මැද , වයඹ සහ නැගෙනහිර පළාත් මෙන්ම හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල මෙම උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකිය.

.


advertistmentadvertistment