වාණිජ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට අමීනා ෂාෆි මෝහින්

75

මේ වන විට පුරප්පාඩුව පවතින වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට දැනට එම දෙපාර්තමේන්තුවේ වාණිජ අධ්‍යක්ෂ තනතුර දරන ජ්‍යෙෂ්ඨතම නිලධාරිනිය වන අමීනා ෂාෆි මෝහින් මහත්මිය පත් කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වාණිජ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ පූර්ණකාලීනව වැඩබැලීම සඳහා ඒ මහත්මිය පත් කිරීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment