වාලච්චනේ කඩදාසි කම්හලේ කිසිදු වංචාවක් සිදුව නැහැ

28

වත්මන් සභාපති කරුණු පහදයි

‘වාලච්චන යන්ත්‍ර සූත්‍ර සහ ගස්කොළන් විකුණාගෙන කාලා’ යන ශීර්ෂය යටතේ 2024 මාර්තු 04 වැනි දින ‘දිවයින පුවත්පතේ’ පළවූ ලිපිය අසත්‍ය බව පවසමින් වත්මන් සභාපති විමල් රූපසිංහ මහතා විසින් එවන ලද ලිපිය සම්බන්ධයෙන් එතුමාගේ කරුණු පැහැදිලි කිරීමක් ‘වාලච්චනේ පුවත් ගැන සභාපති කරුණු කියයි‘ යන ශීර්ෂය යටතේ 2024 මාර්තු 07 වැනි දින ලිපියක් පළවන ලදී.

එහිදී අප පුවත්පත සඳහන් කළේ එම කරුණු සම්බන්ධයෙන් නිවැරදි නොවන බවට විස්තරාත්මක සඳහනක් එවුවහොත් එයද අප පළ කරන බවයි.

ඒ අනුව වත්මන් සභාපති තුමන් කරුණු දක්වමින් කියා සිටියේ කර්මාන්තශාලා පරිශ්‍රයේ තිබූ කිසිම ගසක් කපා අලෙවි කිරීමක් සිදුනොකළ බවත් ඨීඵ 150 යන්ත්‍රය අදත් එසේම ආයතන පරිශ්‍රය තුළ තිබෙන බවත්, අධිකරණය මඟින් කර්මාන්ත ශාලාවට නිදහස් කරන ලද මෝටර් භූමිය තුළ අදත් එසේම තිබෙන බවත් විමල් රූපසිංහ මහතා සඳහන් කරයි.

වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව ප්‍රගතිය කරා කාර්යක්ෂමව රටේ ආර්ථිකයට ලබාදෙන ශක්තිය පිළිබඳව එම කර්මාන්ත ශාලාවට පැමිණ නිරීක්ෂණය කරන ඕනෑම කෙනෙකුට දැකගත හැකිවන බවද සභාපති විමල් රූපසිංහ මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment