වැස්සෙන් පස්සට ගිය කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට දින එයි

35

ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ජූලි මස 13, 14, 15, 16 යන දිනවල හෝමාගම, දියගම පිහිටි මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සංවිධායකයන් වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය තීරණය කර තිබේ.

මෙවර තරගාවලිය සිකුරාදා (07දා) සිට ඉරිදා (09දා) දක්වා දියගම දී ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබුණු අතර එය පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමන්නට විය.

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අවුරුදු 23 න් පහළ (පිරිමි සහ කාන්තා) මෙන්ම අවුරුදු 20 න් පහළ, 18 න් පහළ සහ 16 න් පහළ (බාලක සහ බාලිකා) යන වයස් සීමාවන් යටතේ ක්‍රියාත්මක කෙරේ. මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3500 කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වීමේ අපේක්ෂාවෙන් පසු වෙති.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment