කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අද නිකුත් කර ඇති නිවේදනය අනුව සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත් , පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කහි සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉද තිබේ .
එමෙන්ම ,ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවීමට ද ඉඩ තිබේ .
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස , කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව දැනුම් දී සිටී .
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි , ප්‍රදේශ රැසක උෂ්ණත්වය අද (19) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතී .
උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වලද , රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලද ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා තිබේ .