වෑන් රථයේ ගැටී පාසල් සිසුවා තුවාල ලබද්දී පොලිසියටත් බෝනස් එකක්

181

මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිට සුඛෝපභෝගී වෑන් රථයකින් තේක්ක කදන් 12 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් 22 දා අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා මෙම තේක්ක කදන් තොගය පටවාගෙන ගමන් කළ වෑන් රථයට පුදුකුඩිරිප්පු වොඩියාර් ප්‍රදේශයේදී උපකාරක පන්තියකට ගොස් ආපසු නිවස බලා පාපැදියකින් ගමන් කරමින් සිටි පාසල් සිසුවකු හැපී තිබේ. එම අනතුරෙන් පාසල් සිසුවා තුවාල ලැබීම නිසා අවට සිටි පිරිස ඔහුව රෝහල් ගත කිරීමට එම ස්ථානයට එක් රොක් වී ඇති අතර එම අවස්ථාවේදී වෑන් රථය තුළ තේක්ක කදන් තිබෙනු දැක ඇත. අනතුරෙන් තුවාල ලැබූ ශිෂ්‍යයා පුදුකුඩිඉරිප්පු රෝහලේ ප්‍රතිකාර ලබයි. පසුව අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පැමිණි පුදුකුඩිරිප්පු පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන්ට ගම්වාසීන් සිද්ධිය සැල කිරීමෙන් පසුව අනතුරක් සිදුකිරීම හා නීති විරෝධී ලෙස තේක්ක කදන් ප්‍රවාහනය කිරීමේ වරදට වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment