විදුලි බිල අඩු කිරීමට යෝජනා

109

ජූලි මාසයේ 1 වැනිදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අදපාර්ලිමේන්තුවේ දී පැවසීය.

එම යෝජනාවට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ඒකක 0 — 30 අතර ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩු කිරීමට ද, ඒකක 30- – 60 අතර රුපියල් 20 සිට 9 දක්වා අඩු කිරීමද ඒකක 60 — 90 රුපියල් 30 සිට 18 දක්වා අඩු කිරීමට ද ඒකක 90– 180 රුපියල් 50 සිට 30 දක්වා අඩුකිරීමද යෝජනා කර ඇත.

ආගමික ස්ථාන සහ කුඩා කර්මාන්ත සඳහා ද මෙම සහනය ලබාදීමට නියමිත බවත් එම යෝජනාව හෙට හෝ සඳුදා දිනයේ දී මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment