ඉකුත් රජය යටතේ ප්‍රමිතියෙන් තොරව කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (26දා) නියෝග කළාය.
සැකකරු රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් මත මුදාහැරීමට නියම කෙරිණි. ඇපකරුවන් දෙදෙනකු ළඟම ඥාතීන් විය යුතු බවද නියෝගයේ සඳහන් විය. සැකකරුට විදේශ ගමන් තහනම් කෙරිණි.
ඒ. ජේ. අබේනායක