විදේශ ගත ශ‍්‍රමිකයින් මෙරටට එවනු ලබන ඇමෙරිකානු ඩොලර සඳහා දැනට ගෙවන දිරිදීමනාව වන රුපියල් 10ක මුදල රුපියල් 38ක් දක්වා වැඩිකිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව ඔවුන් මෙරටට ඩොලර් එවීම වඩාත් දිරිමත් වනු ඇතැයි රජය විශ්වාස කරන අතර රට තුළ පවතින ඩොලර් අර්බුධයටද යම් සහනයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවේ.
|