පහළට පැරණි ගොඩනැඟිලි නටබුන් මතුවෙලා
ජල විදුලියටත් බාධා එල්ල වන ලකුණු
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසීය.
ඊයේ (25) උදෑසන 6.00 වන විට මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 18 කින් සහ කාසල්රි ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 22 කින් පහළ බැස ඇත. ජලාශවල ජල මට්ටම අඩුවීමත් සමග ජලාශ ඉදි කිරීමේදී ජලාශයට යට වූ පැරණි ගොඩනැගිලිවල නටබුන් මතුවෙමින් පවතින අතර, වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතුණහොත් ජල විදුලි උත්පාදනයට බාධා එල්ල විය හැකි බව විදුලි බලාගාර ඉංජිනේරුවෝ අවධාරණය කර සිටිති. කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලින් ලබාගන්නා ජලයෙන් විමලසුරේන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සිදු කරනු ලබයි.
එම ජලාශවල ජල මට්ටම අඩුවීමත් සමග කැලණි ගඟේ ජල මට්ටම ද පහළ බැස ඇති බවද වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් පැවසීය.
නුවරඑළිය – නාලක රත්නායක