වෙරළ වොලිබෝල් ශූරතා දකුණට සහ වයඹට

25

48 වන ජාතික මහා ක්‍රීඩා තරගාවලියේ වෙරළ වොලිබෝල් තරගාවලියේ පිරිමි ශූරතාවය දකුණු පළාත් කණ්ඩායමත්, කාන්තා ශූරතාවය වයඹ කණ්ඩායමත් දිනා ගැනීමට සමත් වී තිබුණි.

මෙම තරගාවලියේ දී පිරිමි අවසාන මහා තරගය දකුණු පළාත් කණ්ඩායම සමග වයඹ පළාත් කණ්ඩායම අතර පැවති අතර එයින් දකුණු පළාත් කණ්ඩායම ජයග්‍රහණය කළ අතර එම කණ්ඩායමට නාමල් තුෂාර සහ මලිත් සිල්වා යන ක්‍රීඩකයෝ ඇතුළත් වී සිටියහ.

වෙරළ වොලිබෝල් අවසාන මහා තරගයේ කාන්තා අවසාන මහා තරගය සඳහා වයඹ පළාත් කණ්ඩායම සමග නැගෙනහිර පළාත් කණ්ඩායම තරග වැදුන අතර එහිදී වයඹ පළාත් කණ්ඩායම ජයග්‍රහණය හිමි කර ගත් අතර එම කණ්ඩායමට දිනේෂා ප්‍රසාදිනී සහ ඒ. ඩබ්ලිව්. තුෂාරි යන ක්‍රීඩිකාවන් දෙපළ ඇතුළත් වී සිටියහ. මෙම තරගාවලිය සඳහා උතුරු පළාත් වෙරළ වොලිබෝල් කණ්ඩායම සහභාගී වී නොතිබුණි. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය රියර් අද්මිරාල් ශමල් ප්‍රනාන්දු මහතා සහභාගී වී සිටියේය.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment