වෙසක් පුන් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කළ දිවංගත ලක්ෂ්මන් කදීර්ගාමර්

43

බුදු පියාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන වෙසක් මංගල්‍යය උදාවත්ම සිහිපත් වන අමරණීය ජන නායකයෙකි දිවංගත විදේශ ඇමැති ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලවා වෙසක් පුන් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්කර ගැනීමට සියලු බෞද්ධ, අබෞද්ධ රටවල සහයෝගය ලබාගැනීමට කදිර්ගාමර් මහතාට හැකිවිය. ඔහු නොසිටින්නට මෙම උතුම් සද්කාර්යය කිසිසේත්ම සිදු නොවන්නකි.

උපතින් ක්‍රිස්තු භක්තිකයකු වුවත් බුදුන් වහන්සේ පිළිබඳව ඒ මහතා තුළ පැවති ගෞරවය අසීමිතය. එතුමන් ඇමැති ධුරය දරන කාලයේදී බුදුරුවට අවමන් වන ආකාරයේ සිදුවීම් වාර්තා වූ විට ඊට එරෙහිව කදිර්ගාමර් විසින් ගන්නා ලද නිර්භීත ක්‍රියාමාර්ග වර්තමාන මැති ඇමැතිවරුන් ආදර්ශයට ගත යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලවා බුදුරුව ඇතුළු කිසිම ආගමික සංකේතයකට නිගරු නොකළ යුතු යැයි නීතියක් සම්මත කරවා ගත්තේ ද ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාගේ මැදිහත්වීම මතය.

මේ අනුව බලන කල, සිය උපන්බිම වෙනුවෙන් අමරණීය මෙහෙවරක් ඉටුකළ ඒ මහතාට සමස්ත ලෝක බෞද්ධ ප්‍රජාවම ණයගැතිය. එදා මෙදා තුර මෙරට පහළ වූ කිසිදු ජනනායකයකු සිදු නොකළ තරම් මෙහෙවරක් ඒ මහතා බුදු දහම වෙනුවෙන් සිදුකර ඇත.

කමල් බෝගොඩ


advertistmentadvertistment