වෙසක් පෝය දිනයේ පිළිමතලාවේ මහා එළවළු දන්සලක්

441

වෙසක් පුන් පොහොය සැමරීම වෙනුවෙන් සංවිධානය කරන ලද එළවළු දන්සලක් මහනුවර පිළිමතලාව නගර මධ්‍යයේ දී (23 දා) පැවැත්විණි. මහනුවර පිළිමතලාවේ හරිත උදාන එළවළු වෙළෙඳ ආයතනයේ හිමිකරු විසින් රුපියල් ලක්ෂ 10 කට වඩා අධික මුදලක් වැය කරමින් මෙම එළවළු දන්සල පවත්වා ඇත.

මෙම එළවළු දන්සලෙන් එළවළු ලබා ගැනීම සඳහා විශාල ජනතාවක් පැමිණ සිටි අතර මෙහි විශේෂත්වය වූයේ සියලුම වර්ගයේ එළවළු පැවතීම හා ඉතා පිරිසිදු තත්ත්වයෙන් ජනතාව වෙත එළවළු ලබාදීමට කටයුතු යොදා තිබීමයි.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපන

advertistmentadvertistment
advertistmentadvertistment