ආරක්ෂාවට තර්ජනයක්: පොලිසියෙන් ජනතාවට අවවාද
කොළඹ නගරයේ වෙසක් සිරි අසිරි නැරඹීමට පැමිණීමේදී විශාල ප්‍රමාණයේ බෑග් රැගෙන ඒමෙන් වළකින ලෙස කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත් ප්‍රියන්ත ලියනගේ මහතා මහජනතාවගෙන් ඊයේ (13 දා) ඉල්ලීමක් කළේය.
කොළඹ නගරයට පැමිණෙන පිරිස් පරීක්ෂාවට ලක්කිරීම් සිදු කෙරෙන බව ද ඒ මහතා කීය.
මීට අමතරව කොළඹ නගරයේ වෙසක් සිරි නැරඹීමට පැමිණෙන අය සී.සී.ටී.වී. කැමරා තුළින් ද නිරීක්ෂණය කරන බව ඒ මහතා කියා සිටියේය.
කොළඹ නගරයේ පැවැත්වෙන වෙසක් කලාප, තොරණ, පහන්කූඩු යනාදිය ඇතුළු මහමඟ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීහු 8000කට අධික සංඛ්‍යාවක් වෙසක් සතිය පුරා යොදවා ඇතැයි ද ඒ මහතා කීය.
එසේම, වෙසක් කලාප තුළ හා මහමඟ අධික ශබ්ද සහිත නළා හඬලමින් අනෙකුත් අයට හිරිහැර වන සේ හැසිරෙන පුද්ගලයන්ට අවවාද කරමින් දැනුවත් කිරීම් පොලිසිය මගින් සිදු කරන බව ද ඒ මහතා කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්