ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර ඊයේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72ක සුපිරි ජයක් හිමි කරගැනීමට සමත් විය. කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.ඒ අනුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 187ක් ලබා ගැනීමට සමත් විය. සධීර සමරවික්‍රම ලකුණු 51ක් ලබා සිය පළමු විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කළේය.ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 42යි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 17කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 115කි.
|