සංචාරක හැඩකාරයෝ අම්පාර ලස්සන කරති

96

දේශගුණික විපර්යාස හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ විදේශ පක්ෂි විශේෂ සැරිසරණ ආකාරය දැන් නිරීක්ෂණය කළ හැකිය.

මෙම විදේශීය පක්ෂි විශේෂයන් පෙරිය නීලවානි සම්මන්තුරේ නවතාන්වේලි නින්දවුර්හි ජල කඳන් වෙත පැමිණ සිටිති.

මේ හේතුවෙන් කුරුළු විශේෂ නැරඹීමට සංචාරකයින් බොහෝ පිරිසක් මෙම ස්ථානයට පැමිණ ඡායාරූප ගැනීමට උනන්දු වෙති.

බොහෝ දේශීය පක්ෂීන් මෙම කලාපයේ නිතර රැඳී සිටින අතර මෙම විදේශීය පක්ෂීන් සැතපුම් 3000ක් පමණ පියාසර කර මෙහි පැමිණෙන බව පැවසේ.

ඔස්ටේ්‍රලියාව, ස්විට්සර්ලන්තය, රුසියාව, ජර්මනිය, පිලිපීනය, සයිබීරියාව වැනි රටවලින් කුරුල්ලන් මෙහි පැමිණෙන අතර කුරුළු වර්ග 23කට අධික ප්‍රමාණයක් මෙහි පැමිණ තම කූඩු ඉදිකරන බව ප්‍රදේශයේ ජනතාව සඳහන් කළහ. කොකුන්, හංසයන් ඇතුළු පක්ෂි විශේෂ රැසක් මෙහිදී දක්නට ලැබීම විශේෂත්වයකි.
කාත්තංකුඩිය සිහාරා ලතීෆ්

advertistmentadvertistment
advertistmentadvertistment