ශ්‍රී ලංකාවේ මැතිවරණ ගැන IMF තීරණය

555

ශ්‍රී ලංකාවේ මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ පසු ඊට අනුකූලව සිය විස්තීර්ණ ණය වැඩසටහනේ කාලසටහන සකස් කරගැනීම පිළිබඳව බලධාරීන් සමග සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනේ තුන්වැනි වාරිකය මුදාහැරීමෙන් අනතුරුව වොෂින්ටන් නුවර අද පැවති මාධ්‍ය හමුවකදි ඒ මහතා මේ බව සඳහන් කළේය. ණය වැඩසටහනේ වෙනසක් යෝජනා කරන්නේ නම් ඒවා ප්‍රායෝගික සහ වැඩසටහනේ කාලරාමුව තුළ ළඟා කරගත හැකි විය යුතු බවද ඔහු මෙහිදී පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහාවන විස්තීර්ණ ණය පහසුකම යටතේ එහි තුන් වැනි වාරිකය වන අමෙරිකානු ඩොලර් මිලියන 336ක මුදල මුදාහැරීමට එහි විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඉකුත් 13 වැනිදා තීරණය කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් පීටර් බෘෘවර් මහතා මෙසේද කීවේය.
මැතිවරණ සම්බන්ධයෙන් සැලකූවිට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ ශ්‍රී ලාංකික ජනතාවය. අපේ පාර්ශ්වයෙන් දකින විදිහට ශ්‍රී ලංකාව මෙම වැඩසටහනේ ඉලක්කයන් කරා ළඟාවීමට නම් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් යළි ප්‍රකෘතිමත් වීමට ප්‍රමුඛත්වය දිය යුතුයි. එම ඉලක්කයන් කරා ළඟාවීම ගැන විවිධ අදහස් පැවතිය හැකියි. එම ඉලක්කයන් ළඟා කරගත හැකි ආකාරය ගැන එම අදහස්වලට සවන් දෙන්න අප සූදානම්. ඒවා ප්‍රායෝගික වැඩසටහනේ කාලරාමුව තුළ ළඟා කරගත හැකි ඒවා විය යුතුයි. ඕනෑම රටක මැතිවරණවලට අදාළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට අපි ගරු කරනවා. අප එම ක්‍රියාවලීන්ට අනුගත වීමට සූදානම්.ශ්‍රී ලංකාවේ තවම මැතිවරණයක් ප්‍රකාශයට පත්කර නැහැ. අප එවැනි අවස්ථාවක අපේ වැඩසටහනේ කාලසටහන මැතිවරණ කාලසටහන සමග සකස්කළ හැකි ආකාරය පිළිබඳව බලධාරීන් සමග සාකච්ඡා කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment