ශ්‍රී ලංකන් අවම ලංසුව බිලියන 500යි – පාඩුව 600යි

1646

2022 – 2023 මූල්‍ය වර්ෂය අවසන් වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇති සමුච්චිත අලාභය රුපියල් බිලියන 609 ක් හෙවත් රුපියල් මිලියන හය ලක්ෂ නවදහස් හයසිය අසූ දෙකකි (609682).

එය 2021-2022 මූල්‍ය වර්ෂය හා සැසඳීමේදී 13%ක වැඩිවීමක් බවත් එම අලාභය මෙරට බදු ගෙවන ජනතාවට දරන්නට සිදුවෙන බවත් උපකල්පනය කර බැලුවහොත් එක පවුලකට එක් ලක්ෂ හත්දහසක වැනි ප්‍රමාණයක් මේ වෙනුවෙන් දරන්නට සිදුවෙතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

2021-2022 මූල්‍ය වර්ෂයේ දී පමණක් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලබා ඇති පාඩුව රුපියල් බිලියන 166කි. එය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැය කරන මුදලට ආසන්න මුදලකි. 2020 – 2021 තුළදී ලබා ඇති පාඩුව රුපියල් බිලියන 45 කට ආසන්න ය.

ආණ්ඩුව මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයට නැවත වරක් සූදානම් වන අතර මින් පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභ ලබන ආයතනයක් බවට පත්ව තිබිණි. ඒ එමිරේට්ස් ආයතනයේ පාලනය යටතේ පැවති කාලයේදීය.

2008 වර්ෂයේදී ආණ්ඩුව විසින් නැවත පවරා ගත් අවස්ථාවේ සිට මේ දක්වාම ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇත.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment