ශ්‍රී ලංකා – ඉන්දියා – දකුණු අප්‍රිකා කාන්තා තුන්කොන් එක්දින තරගාවලිය
ශ්‍රී ලංකා – ඉන්දියා – දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී අවසාන මහා තරගයට යෑමේ බලාපොරොත්තුව ඊයේ ගිලිහී ගියේය.
මේ අනුව ඉන්දීය ක්‍රීඩිකාවෝ ලබන 11 වැනිදා ඉරිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සත්කාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමට නියමිතය.
ඒ ඉන්දියාව ලබාගත් දැවැන්ත ලකුණු 337ට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දු වාර 50 අවසානයේ ලබාගැනීමට හැකි වූයේ ලකුණු 314 ක් පමණි. ඒ වනවිට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කඩුලු 7ක් ද දැවී ගොස් තිබුණි. ඒ අනුව ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 23කින් මේ තරගය ජය ලබා ගත්තේය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති පස්වැනි තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 50ක් තුළදී කඩුලු 08 ක් දැවී ලකුණු 337ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.
ඉන්දීය කාන්තා කණ්ඩායමේ ජෙමීමා රොඩි්‍රග්‍රස්ගේ අනර්ග ශතකය ඉන්දීය පිල වර්ණවත් කරමින් කණ්ඩායමේ ලකුණු ඔසවා තැබීමට සමත් වූවාය.
ජෙමීමා රොඩි්‍රග්‍රස්ගේ දෙවැනි ශතකය වන මෙය ඇයගේ ඉනිමට හතරේ පහරවල් 15ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.
ජෙමීමාගේ ලකුණු 123 ඉතා අලංකාර එකක් වූ අතර ඉන්දීය කාන්තා කණ්ඩායමේ මුළු ලකුණු 50 ක්ව තිබියදී කඩුලු 03ක් බිඳ වැටී තිබියදී ඉන්දීය ආරම්භ පිතිකාරිනිය වන ස්මිත්‍රි මන්දනා හා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ජෙමීමා ලකුණු 88 ක සම්බන්ධතාවක් ද ඉන්දීය පිලට එක් කළාය.
ස්මිත්‍රි මන්දනා ද අගනා අර්ධ ශතකයක් ද ලබා ගත් අතර මන්දනා ලකුණු 51ක් ලබාගත්තේ අගනා හතරේ පහරවල් 6 ක් සමගය.
ඉන්දීය කාන්තා ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් මන්දනා දැවී යද්දී දීප්ති ශර්මා ජේමීමාට එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 122ක අගනා සම්බන්ධතාවක් ගොඩනඟමින් ඉන්දීය ඉනිම ලකුණු 250 සීමාවට රැගෙන ගියහ.
දීප්ති ශර්මා ශතකය පෙනි පෙනී සිටියදී ලකුණු 93කට දැවී ගිය අතර ඇගේ ලකුණු 93ට හතරේ පහරවල් 10 ක් සහ හයේ පහර 2 ක් ද ඇතුළත් විය.
පස්වැනි කඩුල්ල වෙනුවෙන් ජෙමීමා දැවී යෑමෙන් පසු ඉන්දීය පසුපෙළ පිතිකාරිනියන් ඉතා වේගවත්ව ලකුණු 337 සීමාවට රැගෙන ගියහ.
දැවැන්ත ලකුණු 337 ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආරම්භය සුබදායක එකක් නොවූ අතර ලාරා ගොඩෙල් ලකුණු 4ක් ලබා සිටියදී දැවී ගියාය.
ඒ වනවිට දකුණු අප්‍රිකාවේ ලකුණු පුවරුව ලකුණු 7ක් විය. ඉන්පසු ටස්මින් බි්‍රට්ස් සහ මියන් ස්මිටි දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක් එක් කළ අතර ඉන් පසු පිටියට පිවිසි ඇනරී ඩර්ක්සන් ලකුණු 81ක් ද නායිකා ක්ලෝ ටි්‍රයොන් ලකුණු 67ක් ලබා ගත්ත ද ඉන්දියාවේ දැවැන්ත ලකුණු පුවරුව අභිබවා යෑමට එම ලකුණු ප්‍රමාණවත් නොවීය. ඒ අනුව දකුණු අප්‍රිකාවට පන්දු වාර 50 අවසානයේ
ලබාගැනීමට හැකි වූයේ ලකුණු 314ක් පමණි. ඉන්දීය කාන්තාවෝ ලබාගත් මෙම ලකුණු සංඛ්‍යාව මෙතෙක් එක් දින තරගයකදී රැස්කළ පස්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
තවද දකුණු අප්‍රිකාව රැස්කළ ලකුණු 314 ඔවුන්ගේ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව මෙයයි.
ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 9ක් දැවී ලකුණු 337 යි – (ස්මිත්‍රී මන්දනා 51, හර්මන්ප්‍රීට් කෝර් 28, ජෙමීමා රොඩිග්‍රස් 123, දීප්ති ෂර්මා 93, රීචා ඝෝස් 20, මසබට ක්ලාස් 51/2, නන්කුලුලෙක් ම්ලාබා 65/2)
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 314 යි – (ඇනරී ඩර්ක්සන් 81, නන්ඩුමිසෝ හාන්ගාස් 36, ටමීම් බි්‍රට්ස් 26, මියාන් ස්මිට් 39, සිනොලා ජෆ්ටා 21, ක්ලෝ ටි්‍රයෝන් 67, නඩිනී ද ක්ලාර්ක් 22, අමන්ජෝට් චරනි 59/3, දීප්ති ෂර්මා 57/2)
සුසිල් ජයකොඩි ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට