2024 කාන්තා විස්සයි – 20 ලෝක කුසලානය
ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පිතිකරණය සහ නීරස පන්දු රැකීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ටේ්‍රලියා කණ්ඩායම අතර 2024 කාන්තා විස්සයි – 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැති පස්වැනි තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් ලැබීමට ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමත්විය.
පෙරේදා (05දා) ඩුබායි දේශයේ සාජා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 93ක් ලබාගැනීමට සමත්විය.
ඒ අනුව ලකුණු 94ක ඉලක්කයක් ඔස්ටේ්‍රලියා ක්‍රීඩිකාවන්ට හිමි වූ අතර, එම ඉලක්කය ජය ගැනීම සඳහා පිටියට පිවිසි ඔස්ටේ්‍රලියා ක්‍රීඩිකාවන් පන්දු වාර 14යි පන්දු දෙකක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 94ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.
පෙර තරගයේ මෙන්ම දුර්වල පිතිකරණ රාටාවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා වන නායිකා චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න පිළිවෙළින් ලකුණු 03කට සහ ලකුණු නොලබා දැවීගිය අතර, ඉන් අනතුරුව යම් සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට හර්ෂිතා සමරවික්‍රම සමත්විය. හර්ෂිතා පන්දු 35කට මුහුණ දෙමින් ලකුණු 23ක් ලබාගැනීමට සමත්වූවාය. ඉන් පසු පිටියට එක්වූ ශ්‍රී ලංකා මැදපෙළ පිතිකාරිණියක් වන කවීෂා දිල්හාරිට ද පිටියේ ස්ථාවර වීමට ඉඩ නොදුන් ඔස්ටේ්‍රලියානු පන්දු යවන්නියන් කවීෂා වද ලකුණු 5කට පිටියෙන් හරවා යැවීය. මේ වන විට ලකුණු පුවරුව පන්දු වාර 6යි පන්දු 4ක් අවසානයේ ලකුණු 25කට කඩුලු 3ක් ලෙස කියැවිණි. ඉන් අනතුරුව යම් සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ එකම ක්‍රීඩියාව බවට පත්වීමට නිලක්‍ෂිකා ද සිල්වා සමත් විය. නිලක්‍ෂිකා ද සිල්වා තනිව සටනක් දීමට උත්සාහ කළද, ඒ සඳහා සෙසු පිතිකාරිණියන්ගෙන් කිසිදු සහයක් නොලැබුණු අතර ඒ අනුව තරගය අවසාන වන තෙක් කඩුල්ලේ රැඳී සිටි නිලක්‍ෂිකා පන්දු 40ක් තුළ ලකුණු 29ක් ලබාගැනීමට සමත්වූවාය. මීට අමතරව ලකුණු 10 සීමාව පසුකර ගිය එකම ක්‍රීඩිකාව බවට පත්වීමට අනුෂ්කා සංජීවනී සමත්වූ අතර ඇය ලකුණු 16ක් ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී ඔස්ටේ්‍රලියානු කණ්ඩායම වෙනුවෙන් මෙගන් ස්කොට් ලකුණු 12කට කඩුලු 3ක්ද, ස්පොයිනි මොලිනික්ස් ලකුණු 20කට කඩුලු 2ක්ද, ඈෂි ගාඩ්නර් ලකුණු 14කට 1 කඩුල්ලක්ද සහ ජෝර්ජියා වරේහ්ම් ලකුණු 21කට 1කඩුල්ලක් බිඳහෙළීය.
ලකුණු 94ක පහසු ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ඔස්ටේ්‍රලියානු කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට තරගයේ මුල් පන්දු වාර කිහිපයේදී දැඩි සටනක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වූ අතර ලකුණු 35ක් තුළ කඩුලු 3ක් දවා ගැනීමට සමත්විය. ඒ විශිෂ්ට දුවද්දී දවාගැනීමක්ද සමගිනි. නමුත් ඔස්ටේ්‍රලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියක් වන බෙත් මොනියා ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා සිටියදී ලබාදුන් පහසු උඩ පන්දුව අත්හැරීමත් සමග තරගය ශ්‍රී ලංකාවෙන් ගිලිහුණු අතර, එම වරම සාර්ථකව පිළිගත් බෙත් මොනියා නොදැවී ලකුණු 43ක් ලබාගනිමින් ඔස්ටේ්‍රලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත්වූවාය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උදේශිකා ප්‍රබෝධිනී ලකුණු 19කට 1 කඩුල්ලක් ද, සුගන්ධිකා කුමාරි ලකුණු 16කට 1 කඩුල්ලක් ද සහ ඉනෝකා රණවීර ලකුණු 20කට 1 කඩුල්ලක් බිඳහෙළීය.
තරගයේ වීරවරිය ලෙස ඔස්ටේ්‍රලියානු කණ්ඩායමේ මෙගන් ස්කොට් සම්මාන ලැබුවාය.
ලකුණු සාරාංශය
ශ්‍රී ලංකාව නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 93යි.
නිලක්‍ෂිකා ද සිල්වා 29යි, හර්ෂිතා සමරවික්‍රම 23යි, අනුෂ්කා සංජීවනී 16යි, කවීෂා දිල්හාරි 05, චමරි අතපත්තු 03යි, අතිරේක 13 යි.
(මෙගන් ස්කොට් 12/3, ස්පොයිනි මොලිනික්ස් 20/2, ඈෂි ගාඩ්නර් 14/1, ජෝර්ජියා වරේහ්ම් 21/1)
ඔස්ටේ්‍රලියාව පන්දු වාර 14යි පන්දු 2ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 94යි.
බෙත් මොනියා 43යි, ඒලීස් පෙරී 17යි, ඈෂි ගාඩ්නර් 12යි, පීබ් ලිච්ෆීල්ඩ් 09යි, අතිරේක 06යි.
(උදේශිකා ප්‍රබෝධිනී 19/1, සුගන්ධිකා කුමාරි 16/1, ඉනෝකා රණවීර 20/1)
සිසිර ඉන්ද්‍රජිත්