ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමඟින් ‘සැලලිහිණි වසන්තය’ නුවරඑළියට

36

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) හි අලෙවි සහ විකුණුම් කණ්ඩායම ‘සැලලිහිණි වසන්තය’ සැණකෙළියට සමගාමීව නුවරඑළියේ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කරන ලදී. අප්‍රේල් 16 සිට අප්‍රේල් 21 දක්වා පැවැත්වුණු මෙම වැඩසටහනෙහි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සන්නාමය ජනතාවට සමීප කරවීම උදෙසා ළමුන් සහ වැඩිහිටියන් යන කණ්ඩායම් දෙක සහභාගී කරගනිමින් විවිධ ප්‍රවර්ධන ක්‍රියාකාරකම්වල නියැලිනි.

මෙම සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ දිවයිනේ නන් දෙසින් ජනතාව නුවරඑළියට පැමිණි අතර එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) හි අලෙවි සහ විකුණුම් කණ්ඩායම තම සන්නාමය ජනතාව අතර ප්‍රවර්ධනය කරමින් ජනතාවගේ ජීවිත කාලය පුරාවටම රැකවරණය සහ යහපැවැත්ම තහවුරු කර ගැනීමට අවශ්‍ය දැනුවත් කිරීම් කටයුතුවල යෙදුනේය.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමඟින් 'සැලලිහිණි වසන්තය' නුවරඑළියට
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමඟින් 'සැලලිහිණි වසන්තය' නුවරඑළියට
advertistmentadvertistment
advertistmentadvertistment