අද ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් ලෝක රතු කුරුස සහ රතු අඩසඳ දිනය සැමරීමට එක්වෙති- එය මනුෂ්‍යත්වයේ, දයානුකම්පාවේ සහ ස්වෙච්ඡා සේවයේ අද්විතීය නාමයට කෙරෙන උපහාරයකි- මෙම දිනය තුළ ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ සංවිධානයේ නිර්මාතෘ සහ පළමු නොබෙල් සාම ත්‍යාගලාභී හෙන්රි ඩුනන්ට්ගේ උපන් සංවත්සරය සමරනු ලබයි-
1936 දී පිහිටුවන ලද දින සිට වසර 89 ක් පුරා, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) ශ්‍රී ලංකාව තුළ වඩාත්ම දුෂ්කර කාලවලදී බලාපොරොත්තුවේ ආලෝකයක් වෙමින් කුලුනක් සේ සවිමත්ව සහයෝගය දක්වමින් නිරන්තරයෙන් පෙනී සිට ඇත. ස්වාභාවික විපත්, සෞඛ්‍ය හදිසි අවස්ථා,
උගැටුම් හෝ මිනිසා විසින් ඇති කරන ලද අර්බුදවලට ප්‍රතිචාර දැක්වීමේදී, මානව දුක් වේදනා සමනය කිරීම සඳහා සංවිධානය කැපවීමෙන් ස්ථාවරව සිටී.
ආපදා ප්‍රතිචාර දැක්වීමේ කාර්යභාරයට අමතරව, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ප්‍රජා ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරමින් රටේ සමස්ත සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.
රතු කුරුස සංවිධානයේ මූලික මූලධර්ම හතෙන් වන මනුෂ්‍යත්වය, අපක්ෂපාතීත්වය, මධ්‍යස්ථභාවය, ස්වාධීනත්වය, ස්වෙච්ඡා සේවය, එකමුතුකම සහ විශ්වීයත්වය මඟින් මඟ පෙන්වනු ලබන ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ජනතාව කෙරෙහි දයානුකම්පිතව සහ තිරසාර අනාගතයක් සඳහා කටයුතු කරමින් මානුෂීය ගුණාංග සහ වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සිදු කරයි.
දිවයින පුරා ශාඛා 25ක් හරහා ක්‍රියාත්මක වන ජාතික රතු කුරුස සමාජය ජනතාව වෙත අත්‍යවශ්‍ය මානුෂීය සේවා සැපයීමට නිරන්තරයෙන් කැප වී සිටියි. එහි කාර්යයන් ආපදා සූදානම සහ කළමනාකරණය, සෞඛ්‍ය සේවා සහ ප්‍රථමාධාර සේවා, සන්නද්ධ ගැටුම්, ස්වාභාවික විපත්, සංක්‍රමණ හෝ වෙනත් මානුෂීය අර්බුද වැනි තත්ත්වයන් හේතුවෙන් වෙන් වූ පවුලේ සාමාජිකයන් නැවත සම්බන්ධ කිරීමේ වැඩසටහන, ජීවනෝපාය සංවර්ධනය, දේශගුණික විපර්යාස අනුවර්තනය සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීම දක්වා විහිදේ.
මෙම වසරේ, 2025 සඳහා ගෝලීය තේමාව වන ”On the Side of Humanity˜ යටතේ, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ලෝක රතු කුරුස සහ රතු අඩ සඳ දිනය සමරන්නේ එහි මානුෂීය යුතුකම සහ එය ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවිතවලට අඛණ්ඩව කරන සාමූහික යහපත පිළිබිඹු කරමිනි.
රතු කුරුස ව්‍යාපාරයේ හදවත ලෙස සෑම ගමකම සහ නගරයකම පරාර්ථකාමීව සේවයට කැපවූ ස්වෙච්ඡා සේවය වෙනුවෙන් කැපවුණු දහස් ගණනින් වූ පුද්ගලයන්ය. ඔවුන්ගේ නොසැලෙන කැපවීම දිවයින පුරා මනුෂ්‍යත්වයේ නාමය ජීවමාන කරවයි.
“ආරම්භයේ සිටම, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සෑම ව්‍යසනයකදීම, සෑම ගැටුමකදීම, අවශ්‍යතාවයකදීම ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් පෙනී සිට ඇත. අද, එය ආරක්ෂාව, බලාපොරොත්තුව සහ මනුෂ්‍යත්වය පතුරුවන මහා ගසක් මෙන් ජාතියට රැකවරණය සපයයි.”
මෙම වැදගත් දිනය සනිටුහන් කිරීම සඳහා, ජාතික රතු කුරුස සමාජය විසින් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නියමිතය- ඊට ඇතුළත් වන්නේ,
● ජාතික මූලස්ථානය විසින් පවත්වනු ලබන ස්වෙච්ඡා සේවකයින් ඇගයීමේ උත්සවය සහ සම්මාන ප්‍රදානෝත්සවය
● ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කාර්ය මණ්ඩලය සහ ස්වෙච්ඡා සේවකයින් වෙනුවෙන් පවත්වනු ලබන රතු කුරුස සහ රතු අඩ සඳ සංවිධානයේ මූලධර්ම පිළිබිඹු කරන ප්‍රබල අවස්ථාවන් කාචයට හසු කරගත් ජයග්‍රාහකයන් තෝරා පත් කරගැනීමට සහ ඇගයීම සඳහා වූ ඡායාරූප තරගයක්.
● කනිෂ්ඨ රතු කුරුස කව සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ශාඛා විසින් මානුෂීය වටිනාකම් නිර්මාණාත්මකව ප්‍රකාශ කිරීමට දරුවන් පොළඹවමින් සංවිධානය කරන ලද චිත්‍ර තරගය.
මෙම වැඩසටහන් සියල්ල හුදෙක් සැමරුම් නොවන අතර ඒවා ප්‍රජාවන්ට ඉගෙන ගැනීමට, සම්බන්ධ වීමට සහ මානුෂීය සේවයට දායක වීමට ආරාධනා කරන කැඳවීම් ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකා රතු කුරුස සමාජය දශක අටකට අධික කැපවූ සේවයට ගෞරව කරන විට, ප්‍රජාවන් සවිබල ගැන්වීම, අර්බුදවලට ප්‍රතිචාර දැක්වීම සහ සෑම මිනිසකුගේම ගෞරවය ආරක්ෂා කිරීම සඳහා නව කැපවීමකින් ඉදිරියට පියනගයි.
මෙම මැයි 8 වැනි දින, අපි ආඩම්බරයෙන් මනුෂ්‍යත්වයේ නාමයෙන් එක්සත්ව සිටිමු.