ශ්‍රී ලංකා – හොංකොං තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

57

රටවල් 07 ක සහභාගිත්වයෙන් සිංගප්පූරුවේ සෙන්කෑන් කෘත්‍රිම ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන “ආසියානු හොකී සම්මේලන කුසලාන” අවුරුදු 21න් පහළ කනිෂ්ඨ කාන්තා හොකී තරගාවලියේ පළමු ජයග්‍රහණය සටහන් කර ගැනීමට පෙරේදා (15දා) ශ්‍රී ලංකාවට හැකි විය.

මෙවර තරගාවලියට අවතීර්ණ වෙමින් මුහුණ දුන් පළමු තරගයේ දී ශ්‍රී ලංකාව හමුවේ ගෝල් 03 – 02 ක් ලෙස හොංකොං දේශය පරාජය ලැබීය.

තරගය ඇරඹී පළමු කාර්තුව තුළ ගෝල් 02 – 00 ක් ලෙස පෙරමුණ ගැනීමට හොංකොං ක්‍රීඩීකාවන් සමත් වූ නමුත් තෙවන සහ සිව්වැනි කාර්තුව තුළ දියත් කළ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව හමුවේ ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි.

මනා පන්දු පාලනයක නිරත වෙමින් ගෝල් 02 ක් රැස් කිරීමට නිපුනී ඉෂාරා ප්‍රනාන්දු සමත් වන අතර වාරයේදී ජයග්‍රාහී ගෝලය ප්‍රබෝද්‍යා දිව්‍යාංජලී වාර්තා කළාය. මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නිපුනී ඉෂාරා ප්‍රනාන්දු සම්මාන ලැබුවාය.

රටවල් 11 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන පිරිමි තරගාවලියට එක් වෙමින් සහභාගී වූ ප්‍රථම තරගයේ දී ඉන්දුනීසියාව හමුවේ ගෝල් 03 – 02 ක තියුණු පරාජයකට ලක් වීමට ශ්‍රී ලංකාවට සිදු විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කුෂාන් රත්නසූරිය 01 සහ උදේශ් සංදීප විජේසේකර 01 බැගින් ගෝල් රැස් කරමින් කැපී පෙණුනු නමුත් එය ජයග්‍රහණය කරා යෑමට ප්‍රමාණවත් නොවීය.

ආසියානු හොකී සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක මෙවර තරගාවලිය ලබන 23 දක්වා පැවැත්වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment