ශ‍්‍රී ලන්කන් අවුල් වුණොත් මුහුණ දෙන්න බාහිර නියමුවෝ 25 ක්  

856

ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ කටයුතු අවුල් කර දැමීමට ගුවන් නියමුවන් උත්සාහ කළහොත් ඊට මුහුණදීම සඳහා බාහිර ගුවන් නියමුවන් විසිපස්දෙනකු සීරුවෙන් තැබීමට
ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම කටයුතු යොදා තිබේ.

සති දෙකක සිට ශ‍්‍රී ලංකා ගුවන් නියමු සංගමය ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය දිග්ගැස්සී ගියහොත් ඊට මුහුණදීම සඳහා මෙම සුදානම පවත්වාගෙන යන්නේ යැයි ගුවන් සමාගම් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ට පැවසීය.

ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවන් සාමාන්‍යයෙන් මසකට රුපියල් ලක්‍ෂ විසිපහක තිහක වැටුපකට හිමිකම් කියන බවත් ගුවන් ගමන්වලදී තුන්වේලටම යන වියදම් වැඩි කරන ලෙස ඉල්ලා මොවුන් වෘත්තීය ක‍්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවත් එම නිලධාරියා කීවේය.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ගුවන් ගමන් නිසි කාලසටහන්වලට අනුව මෙහෙයවීම සඳහා පිටත සිටින ගුවන් නියමුවන් පිරිස සීරුවෙන් තබා තිබීම නිසා කිසිදු ප‍්‍රශ්නයක් ඇති නොවන බවද හෙතෙම සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment