“එකම දැයක් වී මහ බලයක් වී පෙරටම යමු ලංකා”
අනුරට 42.31%ර, සජිත්ට 32.76%, රනිල්ට 17.27%, නාමල්ට 2.57%
කිසිම අපේක්‍ෂකයකුට 50% නෑ
ඉතිහාසයේ පළමු වරට මනාප ගණන් කරයි
ශ්‍රී ලාංකීය දේශාපාලනයේ ප්‍රභූ බමුණු කුල බිඳ දමා සාම්ප්‍රදායික ගමන් මඟ සහ පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යමින් තිබූ දේශීය අධිරාජ්‍යවාදයට නැවතීමේ තිත තබමින් රජරට පොදු ජනයා තුළින් මතු වී පොදුජන නායකත්වයට පත්වූ ජනතාවාදී මිනිසෙක් ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපති ධුරයට ඊයේ (22දා) බහුතර ඡන්දයෙන් තේරී පත් වූ වග ‘දිවයින’ ගෞරවාන්විතව වාර්තා කර සිටින්නෙමු.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා නවවැනි ජනාධිපතිවරණයෙන් තියුණු තරගයකින් ජයග්‍රහණය කළේය.
ඡන්ද ගණන් කිරීම පෙරේදා සවස ගණන් කිරීමේ මධ්‍යස්ථාන 52කදී ආරම්භ කළ අතර පළමු ප්‍රතිඵලය පෙරේදා රාත්‍රි 11.30ට පමණ රත්නපුර තැපැල් ඡන්ද ප්‍රතිඵලයෙන් නිකුත් කරනු ලැබීය.
ඒ අනුව දහවල් වනවිට ඡන්ද කොට්ඨාස මට්ටමින් සියලු ප්‍රතිඵල නිකුත් කෙරුණු අතර එහිදී කිසිදු අපේක්ෂකයකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50ක් ලබා නොමැති බැවින් මනාප ගණන් කිරීම සිදුකරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා නිවේදනය කළේය. ඒ අනුව රටපුරා තිබූ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල මනාප ඡන්ද ගණන් කිරීම සිදුකළ අතර එහි අවසන් ප්‍රතිඵල ඊයේ රාත්‍රි මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ඡන්ද ගණන් කිරීමට අනුව අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 5,634,915ක් ලබා සියයට 42.31ක ප්‍රතිශතයක් ලබා ගත්තේය. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4,363,035ක් ලැබූ අතර ඔහුට සියයට 32.76ක ප්‍රතිශතයක් හිමි විය. තුන්වන ස්ථානයට පත් රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 2,299,767ක් ලබා ගත් අතර ඔහුට සියයට 17.27ක ප්‍රතිශතයක් හිමි විය. නාමල් රාජපක්‍ෂ මහතාට ඡන්ද 342,781ක් හිමි වූ අතර ඔහුට හිමි වූ ප්‍රතිශතය සියයට 2.57කි. පී. අරියනේත්‍රන් මහතාගේ ඡන්ද ප්‍රතිශතය සියයට 1.70ක් වූ අතර ඔහුගේ ඡන්ද සංඛ්‍යාව 226,343කි. දිලිත් ජයවීර මහතා ඡන්ද 122,396ක් ලබා ගත් අතර ඔහුගේ ප්‍රතිශතය සියයට 0.92කි.
ජනාධිපතිවරණයට ඡන්දදායකයන් 1,361,996 දෙනකු ඡන්ද ප්‍රකාශ කළ අතර එය ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 79.46කි. මෙයින් සියයට 97.8ක් එනම් 13,319,616ක් වලංගු ඡන්ද ලෙස ප්‍රකාශයට පත්විය. ඡන්ද 300,300ක් ප්‍රතික්‍ෂේප වී ඇත.
මැතිවරණ දිස්ත්‍රික්ක 22න් ගම්පහ, කොළඹ, කළුතර, මහනුවර, කුරුණෑගල, ගාල්ල, මාතර, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 16ක් ජයග්‍රහණය කිරීමට අනුර කුමාර දිසානායක මහතාට හැකි විය. එමෙන්ම යාපනය, වන්නි, මඩකළපුව, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක 05 සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළේය.
දෙවැනි මනාප ගණන් කිරීමට අනුව සජිත් ප්‍රේමදාස මහතාට මනාප 105,264ක් ද අනුර දිසානායක මහතාට 167,867ක් ද හිමි විය.
රනිල් ධර්මසේන