ශිව දෙවි රුවක් පෙන්වමින් රාහුල් කළ කතාවෙන් මෝදිලා කුලප්පු වෙති

568

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි පෙරේදා (01දා) එරට පාර්ලිමේන්තුවේ සිය කතාව පවත්වන අතරතුර ශිව දෙවියන්ගේ පින්තූරයක් පෙන්වමින් කළ ප්‍රකාශය නිසා සභාව තුළ මහත් නොසන්සුන්තාවක් ඇති විය.

තමන් හින්දු යැයි කියා ගන්නා අය දවසේ පැය 24 පුරාම ප්‍රචණ්ඩත්වය හා වෛරය පතුරවන බවත්, භාරතීය ජනතා පක්ෂය හින්දු නොවන බවත් හෙතෙම පවසා සිටියේය. සත්‍යය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව හින්දු ආගමේ පැහැදිලිව ලියා ඇති බවත් රාහුල් ගාන්ධි මෙහිදී සඳහන් කළේය.

අගමැති නරේන්ද්‍ර මෝදි මෙහිදී සිය අසුනෙන් නැඟී සිට කියා සිටියේ ‘රාහුල් ගාන්ධි සමස්ත හින්දු ප්‍රජාව ප්‍රචණ්ඩකාරී ලෙස හැඳින්වීම නිවැරදි නොවේ’ යනුවෙනි. අගමැති මෝදිගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රාහුල් ගාන්ධි ‘නරේන්ද්‍ර මෝදි සම්පූර්ණ හින්දු ප්‍රජාවක් නොවේ, භාරතීය ජනතා පක්ෂය සම්පූර්ණ හින්දු ප්‍රජාවක් නොවේ’ යනුවෙන් පැවසීය.

රාහුල් ගාන්ධි සිය කතාව ආරම්භ කළේ ව්‍යවස්ථාවේ පිටපතක් අතැතිවය. තම කතාව අතරතුර හෙතෙම ශිව දෙවියන්ගේ පින්තූරයක් පෙන්වූ විට භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීවරු කලබල කරන්නට පටන් ගත්හ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment