ගාසා වැසියන්ට ආධාර බෙදීම සඳහා වරායක්

266

සටන් පවතින ගාසා තීරයේ වැසියන්ට අවශ්‍ය මානුෂීය ආධාර මුහුදු මාර්ගයෙන් වැඩියෙන් සැපයීම සඳහා එම තීරය තුළ තාවකාලික වරායක් ඉදිකිරීම ඇමෙරිකානු හමුදාව විසින් තීරණය කර ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

මෙසේ ඉදිකෙරෙන තාවකාලික වරාය හරහා ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා හා හමාස් සංවිධානය අතර ඇවිලී ඇති යුද්ධයට මැදි වී සිටින වැසියන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගත් අමතර ට්‍රක් රථ සිය ගණනක් දිනපතා ප්‍රවාහනය කිරීමට හැකි වන බව ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ. නැව්වලින් ගාසා තීරයට රැගෙන එන මානුෂීය ආධාර මෙම වරාය හරහා අවශ්‍ය පිරිස්වලට සැපයෙන බව ප්‍රකාශ කර ඇතත් එම වරාය ඉදිකෙරෙන ආකාරය පිළිබඳව ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර නැතැයි විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment