උ.කොරියාවෙන් මුහුදේ මිසයිල අත්හදාබැලීමක්

144

උතුරු කොරියාව විසින් ඊයේ (29දා) සබ්මැරීන මාර්ගයෙන් විදින ලද කෲස් මිසයිල සාර්ථක ලෙස අත්හදා බලා ඇති බව කොරියානු මාධ්‍ය පවසයි. මෙය උතුරු කොරියාව විසින් සතියක් ඇතුළතදී මුහුදුදේදී කෘස් මිසයිල අත්හදා බලා ඇති දෙවැනි අවස්ථාව බව වාර්තා වී තිබේ. ‘පුල්හ්වසල් -3-31’ යනුවෙන් නම් කර ඇති මෙම මිසයිල අත්හදා බැලීමේ අවස්ථාව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් අධීක්ෂණය කර තිබේ.

සිය අවි පද්ධතිය පුළුල් කිරීමේ අරමුණින් සිදු කර ඇති මෙම මිසයිල අත්හදාබැලීම සාර්ථක බව උතුරු කොරියානු නායකයා පවසා තිබේ. පැය දෙකක ධාවන කාලයකින් යුතු මෙම කෲස් මිසයිල දූපතක නිශ්චිතව අනාවරණය නොකළ ඉලක්කයක් වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment