මිතුරියන්ගේ කර මතින් අවසන් ගමන් ගිය මිතුරිය

213

සිය මිතුරියන්ගේ කර මතින් අවසන් ගමන් ගිය මිතුරියකගේ පුවතක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයෙන් වාර්තාවේ.

ගලෙන්බිඳුණුවැව, 193, තුලානේ පඩිකාරමඩුව, කලාවැව ජනපදය තුළ වසර 42ක් නන්දනී නවරත්න මහත්මිය ආගමික, ජාතික හා සංස්කෘතික වශයෙන් ගමටත් රටටත් සේවයක් කරමින් කාගෙත් සිත් දිනාගෙන ජීවත්වූ දරුවන් සිව්දෙනකුගේ මවකි. චරිතවත් ජීවිතයක් ගෙවමින් සිටියදී ඇගේ ගර්භාෂය තුළ හටගත් ගෙඩියක් නිසා ඇය ජීවිතයෙන් සමුගත්තාය.

තම දරුවන් සිව්දෙනාගෙන් දෙවන දරුවා ද සසුනට පූජා කර තිබීමත් ඇයගේ විශේෂත්වක් වේ. මෙලෙස නන්දනී නවරත්න මහත්මියගේ අවසන් කටයුතු සිය නිවසේදී සිදුකිරීමෙන් අනතුරුව දේහය නිවසේ සිට සුසාන භූමිය දක්වා කිලෝමීටරයක් පමණ වන දුර ඇගේ මිතුරියන්ගේ කරමතින් රැගෙන යෑම පුදුමයට පත් කරන අවස්ථාවක් හා ඇය කළ මහජන සේවයට දැක්වූ ආදර්ශවත් ක්‍රියාවක් බව කාගේත් පැසසුමට ලක්වූහ.
ගලෙන්බිඳුණුවැව – චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment