සියලු පරිශීලකයින්ට සෑම අතින්ම ගැලපෙන ස්මාර්ට් ජංගම දුරකථනය SAMSUNG S21 FE 5G

642

ප‍්‍රබල කි‍්‍රයාකාරීත්වය, Pro-grade කැමරාව, Seamless ecosystem සැබැඳුම ආදී සැම්සුන් රසිකයන් ප‍්‍රිය කරන සියලු විශේෂාංගවලින් සහ සුවිශේෂී, විශිෂ්ට නිමාවකින් යුතු සැම්සුන් S21 පවුලේ අලුත්ම සාමාජිකයා සැම්සුන් ශ‍්‍රී ලංකා අද Galaxy S21 කාණ්ඩයට සිය නවතම ස්මාර්ට් ජංගම දුරකථනය වන SAMSUNG S21 FE 5G පිළිගන්නා ලදී. S21 FE 5G යනු රසිකයන් ප‍්‍රියකරන තෝරාගත් විශේෂාංගවලින් සමන්විත Galaxy S21 මාදිලියේ ජංගම දුරකථනවල සැම්සුන් දුරකථනයකි. Galaxy S21 මාදිලියේ Smartphone වල ඇති සුවිශේෂී නිමාව, ප‍්‍රබල කි‍්‍රයාකාරීත්වය, Pro-grade කැමරාව, seamless ecosystem සම්බන්ධතාවය යනාදියෙන් මෙම දුරකථනය සමන්විතය.

මෙම නවතම හඳුන්වා දීම පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සූ යූ මහතා පැවසුවේ ‘සැම්සුන් සමාගමේ අපි අපගේ නවතම smartphone නවෝත්පාදන වැඩි පිරිසකට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. Galaxy S20 FE සහ Galaxy S21 smartphone වලට විශිෂ්ට ප‍්‍රතිචාරයක් ලැබුණ බව අප දුටුවා. ඒ නිසා අප එම ප‍්‍රවේශයම S21 FE 5G smartphone එකට ලබා දුන්නා. අප එයට අපගේ ළෙන්ගතු Galaxy රසිකයන් කැමැති සියලූ ප‍්‍රධාන අංග උපාංග, ලක්ෂණ යනාදිය ඇතුළත් කළා. මක්නිසාද යත් අපි අපගේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරන පරිදි smartphone ලබා දෙන්න කැප වී සිටින නිසයි.’ යනුවෙනි.

Galaxy S21 මෙන්ම මෙයත් එම සුවිශේෂී සහ විශිෂ්ට නිමාවෙන්, ඉහළ කාර්යසාධනයෙන්, pro-grade කැමරාව, seamless ecosystem සැබැඳියෙන් සමන්විතයි. S21 FE 5G smartphone එක S21 ඇති සියලූ ප‍්‍රධාන ලක්ෂණවලින් සමන්විත පූර්ණ පැකේජයක smartphone එකකි. මේ නිසා අපගේ පාරිභෝගිකයන්ට පෙරටත් වඩා විනෝදයක් මෙන්ම සේවා ලබා ගැනීමේ හැකියාව ලැබී තිබේ.

සියලු පරිශීලකයින්ට සෑම අතින්ම ගැලපෙන ස්මාර්ට් ජංගම දුරකථනය SAMSUNG S21 FE 5G

දිගුකල් පවතින බැටරි S21 FE 5G අපගේ කාර්යබහුල හා ක‍්‍රියාශීලී Galaxy පාරිභෝගිකයන් සඳහා ප‍්‍රමුඛ අංගයකි. මේ නිසා දවස මුළුල්ලේ කි‍්‍රයාකාරීව පවතින බැටරිය නිසා නිවසේ සිට වැඩ කිරීමටත් වෙනත් ඕනෑම තැනක සිට වැඩ කිරීමටත් මෙම දුරකථනය කදිමය. මෙය ඒ වෙනුවෙන්ම නිර්මාණය කර තිබේ. S21 FE 5G හි බලසම්පන්න බැටරිය 25W Super fast charging පහසුකමින් ශක්තිමත් කර ඇති නිසා මිනිත්තු 30කටත් අඩු කාලයක දී බැටරිය සියයට 50කට වැඩි ප‍්‍රමාණයකට Charge කරගැනීමේ හැකියාව තිබේ. S21 FE 5G තාක්ෂණයෙන් සමන්විත නිසා කිසිදු බාධාවකින් තොරව සුපිරි වේගවත් ක‍්‍රියාකාරීත්වයකින් සිය කටයුතු කර ගැනීමට හැකියාව ඇත.

Galaxy S21 සිය කැමරාවලට ක්ෂේත‍්‍රය තුළ දැඩි ප‍්‍රසිද්ධියක් උසුල යි. මේ හේතුවෙන් ම ලොව වඩාත්ම ආරක්ෂණීය සහ වර්ණවත් ඡායාරූප ලබාගැනීමට භාවිත කෙරුණු pro-grade setup, පහසුකම S21 FE 5G දුරකථනය සඳහා ද භාවිත කර ඇත. ඡායාරූප ක්ෂේත‍්‍රයට ආධුනිකයන්ට මෙන්ම ප‍්‍රවීණයන්ට ද එක සේ භාවිත කළ හැකි සංස්කරණ (edit) පහසුකම්වලින් සමන්විත මෙම දුරකථනය scroll-stopping කිරීමට ද අවස්ථාව සලසා ඇත. S20 FE හා සංසන්දනය කිරීමේදී S21 FE 5G වැඩිදියුණු කළ Night Mode පහසුකමකින් ද යුක්ත වේ. අඩු ආලෝක තත්ත්වයන් යටතේ ඡායාරූප ගැනීමට මෙන්ම අඳුරුම තත්ත්වයන් යටතේදී ද මිතුරන් සමග රාත‍්‍රීයේ දී ඡායාරූප
ගැනීමටත් මෙමඟින් අවස්ථාව සලසා තිබේ. සියලූ දෙනා එකම ඡුායාරූපයකට ගැනීමට හැකිවන අයුරින් සැම්සුන් සමාගම මෙතෙක් හඳුන්වා දුන් හොඳම Selfie අත්දැකීමෙන් S21 FE 5G දුරකථනය සමන්විත වේ. S21 FE 5G සතුව 32MPඋසස් ගුණාත්මක තත්ත්වයක් සහිත ඉදිරිපස කැමරාවක් තිබෙන අතර මෙමඟින් මිතුරු මිතුරියන් සමග ඉතා උසස් තත්ත්වයේ Selfie ඡායාරූප ලබා ගැනීමට හැකියාව ඇත. ඒත් සමඟ AI Face Restoration පහසුකම හේතුවෙන් සුවිශේෂී අත්දැකීමක් ලබා දී ඇත. ඊට අමතරව Dual Recording පහසුකම නිසා ඉදිරියේත් පසුපසත් සිදුවන දෑ දැක බලාගැනීමට අවස්ථාව සැලසේ. Recording ආරම්භ කර, ඔබේ කැමරාව විවෘත කළ විගස ඔබට එකම වේලාවේ ඉදිරියේත් පසුපසත් ඇති සියල්ල ග‍්‍රහණය කරගැනීමට මෙමගින් අවස්ථාව සැලසේ.

පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළෙඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් පාරිභෝගිකයින්ට මෙම Samsung S21 FE 5G මිලදී ගත හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Max, Softlogic Retail, Singer, Sinhagiri සහ Damro මගින් ද සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මෙන්ම Online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore (samsungsrilanka.lk), MySoftlogic.lk, Keellssuper.com සහ Kapruka.com මගින් ද ලබා ගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment