මඩ ගහන තරමට කැමතියි! – දිනක්ෂි ප්‍රියසාද්

337

ඕවාට උත්තර බඳින්න ගියොත් ඉස්සරහට යන්න අමාරුයි
සාරංග වාසනාව කරකවා ගන්න දන්නවා

ප්‍රියසාද් නම කියූ සැණින් ඒ පවුලේ කිසිම කෙනෙක් අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. බොහෝ දෙනා ආදරය කරන ජනප්‍රිය පවුලක් තමයි මේ ප්‍රියසාද්ලා කියන්නේ. මේ දිනවල ප්‍රියසාද් පවුලේ ලොකු දුව දිනක්ෂි ප්‍රියසාද් වසර දෙකක සුව විරාමයක් රැගෙන නැවතත් පුංචි තිරය ඔස්සේ ඔබේ ඇස් මානයට පැමිණෙනවා. දිනක්ෂි හරිම නිහතමානී” මිත්‍රශීලී” ආදරණීය චරිතයක්. ඉතිං දිනක්ෂි බොහෝ කලකට පසුව දායක වන මේ නව ටෙලිනිර්මාණ” සිනමා නිර්මාණ සහ වේදිකා නාට්‍ය පිළිබඳව විස්තර කතා කරන්නට මෙවර මීවිතත් සමග සුහද කතාබහකට සම්බන්ධ කරගත්තා.

කාලෙකට පස්සේ ඔබ ඉන්න “අළුපාට දේදුනු” කියලා ටෙලි නාට්‍යයක් විකාශනය වෙන්න පටන් ගත්තා ?

ඇත්තටම ඔව්. කාලෙකට පස්සේ තමයි මගේ ටෙලි නාට්‍යයක් විකාශනය වෙන්නේ. අළුපාට දේදුනු ගොඩක් දීර්ඝ ටෙලි නාට්‍යයක් වෙන එකක් නැහැ කියලා මට හිතෙනවා. ඉතින් අලුත් වැඩකට සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටුයි.

මඩ ගහන තරමට කැමතියි! - දිනක්ෂි ප්‍රියසාද්

● කොච්චර කාලෙකට පස්සෙද මේ ටෙලිනාට්‍යයක් විකාශනය වෙන්නේ?

මම හිතන්නේ අවුරුදු දෙකකට විතර පස්සේ.

● සාරංගත් එක්ක එකට ටෙලිනාට්‍යක වැඩ කරන්න ලැබෙන අත්දැකීම මොන වගේද?

ඇත්තටම එකට අපි දෙන්නටම ආරාධනාවන් හම්බවුණා. මේක වෙනස් විදිහේ චරිත දෙකක්. අපි ඉතිං හිතුවා ඒක කරන්න. ගිය අවුරුද්දේ තමයි රූගත කිරීම් කරන්න පටන් ගත්තේ. ඒ ආරාධනාව හරිම ආසාවෙන් භාර ගත්තා.

● වේදිකා නාට්‍යවල වැඩකටයුතු කොහොමද?

“පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්” වේදිකා නාට්‍යය දැනට අපි අවුරුදු හතරක් විතර කරගෙන ගියා. ඊළඟ දර්ශන වාරයන් අගෝස්තු 13 පුංචි තියටර්” අගෝස්තු 19 නිකවැරටියේ සහ සැප්තැම්බර් 8 පුංචි තියටර් එකේ තියෙනවා. ඉතින් හැමෝටම බලන්න එන්න පුළුවන්.

මඩ ගහන තරමට කැමතියි! - දිනක්ෂි ප්‍රියසාද්

● “සංසාරිණි” සහ “සල්ලි පොකුරු” ටෙලි නාට්‍ය නිසා සාරංග හරිම ජනප්‍රියයි ?

ඔව්” ඇත්තටම ඒ ගැන හරිම සතුටුයි. මොකද හැමදාම එයා කරන නිර්මාණවලට 100% ක් එයාගේ කැපවීම තියෙනවා. ඉතිං මම හිතන්නේ මේ ඒවට හොඳ ප්‍රතිඵල ලැබෙන කාලයක් කියලා. සාරංගගේ ජනප්‍රියත්වය කොයිම වෙලාවකවත් පහළට වැටුණේ නැහැ. හැමදාමත් එයාගේ ජනප්‍රියත්වය ඉහළම රැඳුණා. ඉතිං මම හිතන්නේ ඒකට ඇත්තටම එයාගේ දක්ෂතාවය තමයි මුලින්ම බලපෑවේ කියලා. වාසනාව කොච්චර තිබුණත් ඒක කරකවා ගන්න අපි දන්නෙ නැහැනෙ. හැබැයි සාරංග ඒක හොඳටම දන්නවා. ඒ නිසාම තමයි එයා අද මෙච්චර සාර්ථක වෙලා තියෙන්නේ. සාරංගගේ වයිෆ් වීම ගැන මට හරිම සතුටුයි.

● සාරංගගේ චිත්‍රපටය කවද්ද බලාගන්න පුළුවන් වෙන්නේ?

තාම ඒකේ වැඩ ටික කෙරෙනවා. දැන් අවසාන අදියරේ වැඩ ටික තියෙන්නෙ. මේ දවස්වල මියුසික් කරනවා. දිනේෂ් මල්ලිමයි කරන්නෙත්. අපි ඉතින් බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අවසානයේ දී හරි” ලබන අවුරුද්දේ මුලදී හරි ෆිල්ම් එක රිලීස් කරන්න.

● දුවත් එක්ක ගෙවන ජීවිතය කොහොමද ?

හරිම සුන්දරයි. එයත් ලොකු වෙනවා ඉක්මනටම. මේ කාලේ හරිම හුරතල් වැඩ කරන කාලයක්. එයාගේ කෝලම් බල බල ඉන්නවා.

● දිනක්ෂි ටෙලිනාට්‍ය වැඩිය භාර අරගෙන කාර්යබහුල වෙන්න කැමැති නැද්ද?

නෑ. එහෙම එකක් නැහැ. මම වැඩ කරනවා. හිතට දැනෙන හොඳ වැඩක් ආවොත් ඉතින් භාරගන්නවා. මේ දවස් වල ඇත්තටම ටිකක් කාර්යබහුලයි වාසව බදුගේගේ අලුත් චිත්‍රපටය “ විසල් ආදරේ” රූපගත කිරීම්නුත් එක්ක. තව අලුත් නාට්‍යක් පටන් ගන්නවා හසුන් සමීරගේ. ඒ නාට්‍යයේත් රූපගත කිරීම් කරනවා. ඒකත් ළඟදීම ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන් වෙයි.

● මේ ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?

හරිම සතුටුයි. හැමෝටම හම්බ වෙන්නේ නැති දෙයක්. ජනප්‍රියත්වය කියන්නේ මට ලැබුණු ආශිර්වාදයක්. ජනප්‍රියත්වය නිසා මගේ ජීවිතේට ගොඩක් දේවල් ලැබුණා. මිනිස්සුන්ගේ ආදරේ නිසා තමයි මම අද මෙතන ඉන්නේ සහ අලුත් වැඩවලට වුණත් ආරාධනා ලැබෙන්නේ. මම හරිම වාසනාවන්තයි. මම හැමෝටම ස්තුති කරනවා මේ දිගු ගමනේ මගෙත් එක්ක එකට හිටපු එකට සහ ඉස්සරහටත් එහෙම ඉඳීවි කියලා මම විශ්වාස කරනවා.

● ජනප්‍රියත්වය නිසාම මඩ ගැසීම්වලට ලක්වුණා කියලා හිතන අවස්ථා තියෙනවද?

මේ ක්ෂේත්‍රයේ ඉන්නවනම් ජනප්‍රියත්වයත් එක්ක ඉතින් අපිට එන නින්දා” අපහාස හැම එකම භාරගන්න සැදී පැහැදී ඉන්න එපැයි. ඒ දේවල් මට හොඳට පුරුදුයි. ඒ දේවල්වලින් මම කවදාවත් සැලුනෙත් නෑ” ඉදිරියට සැලෙන්නෙත් නෑ.

● දිනක්ෂි කියන්නේ මඩ ගහලා වට්ටන්න පුළුවන් චරිතයක් නෙවෙයිද?

එහෙම වට්ටන්න බැහැයි කියලා දැන් ගොඩක් අය තේරුම් අරගෙන තියෙනවා කියලා මට හිතෙනවා. මොකද මගේ ජීවිතේ මම මුහුණ දීපු දේවල් එක්ක මම අද ඉන්න තත්ත්වය ගැන මම” මම ගැනම ආඩම්බර වෙනවා. මඩ ගහන්න.

මඩගහන්න මම ආසයි. එහෙම මඩ ගහද්දි මොකද ඒකෙන් මම තව තවත් උඩට යනවා මිසක් පහළට වැටෙන්නේ නැහැ.

● දිනක්ෂි මේ දවස්වලත් හරියට මඩ ප්‍රචාර යනවානේ?

ඒවා ඉතින් කාලෙන් කාලෙට එනවා. මේ වෙන ප්‍රශ්නය අමතක කරන්න අනවශ්‍ය දේවල් එළියට එනවා. ඒවා ඉතිං අපි මැදිහත් සිතින් බලලා” ඔළුවට දාගන්නෙ නැතුව ඉන්නවා. ඕවට අපි උත්තර බඳින්න ගියොත්” සැලෙන්න ගියොත් අපිට ඉදිරියට යන්න අමාරුයි. ඇත්තටම අපිට ඔය දේවල් හිතෙනවාට වැඩිය ඒ කාලේ තුළ අපේ ජීවිතේ ඉස්සරහට යන දෙයක් ගැන හිතන්න වෙන් කරන එක ඉතාමත් වටිනවා. සමාජ මාධ්‍ය කියන්නේ ඉතාමත් සුළු පිරිසක් ගත කරන තැනක්. ඒක තේරුම් අරන් අපි ජීවත් වෙන්න ඕනෑ.

● “ඩයස්ගේ නංගී” සහ “මල කඩ කඩ” හින්දා නංගිලා දෙන්න හරිම ජනප්‍රියයි නේ ?

ඇත්තටම දක්ෂ නංගිලා දෙන්නෙක් ඉන්න එක ගැන මට හරිම සතුටුයි සහ ආඩම්බරයි.

● වැඩිපුර ජනප්‍රිය නංගිලා දෙන්න ද? අක්ක ද?

මම හිතන්නේ කාලෙන් කාලෙට ජනප්‍රියත්වය වෙනස් වෙනවා. මම පාසල් යන කාලයේ ක්ෂේත්‍රයේ වැඩ කරද්දි මාව දන්න ගොඩක් දෙනෙක් හිටියා. නමුත් මම හිතන්නේ දැන්නම් ශනුද්‍රි නංගී ගොඩක් ජනප්‍රියයි කියලා. සමාජ මාධ්‍ය හරහා සහ ටෙලි නාට්‍ය හරහා එයාගේ දක්ෂතා පෙන්නුම් කරනවා. එයා කොහොමත් හැම පැත්තකටම වගේ ගොඩක් දක්ෂයි. ඒ නිසා මම හිතනවා එයාට ඉන්න ප්‍රේක්ෂක පිරිස වැඩියි කියලා.

පාරමී කෞෂිකා
ඡායාරූප – තිළින්ද ප්‍රියසංඛ
ඇඳුම් – ලොවී, ආදිත්‍රී සාරී

advertistmentadvertistment
advertistmentadvertistment