නව සුවඳක් සහ තවත් විශේෂාංග රැසක් සමග නව VEET PURE ශ්‍රී ලංකාවට

24

සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා වන නිෂ්පාදන සඳහා ලෝකයේ ප්‍රමුඛතම සන්නාමය වන Veet විසින් සිය නව Veet Pure නිෂ්පාදනය ශ්‍රී ලංකාවට හඳුන්වාදීම පසුගියදා උත්කර්ෂවත් අයුරින් සිදු කරන ලදී.

නව Veet Pure සුවිශේෂී නිෂ්පාදනයක් බවට පත් කරන විශේෂාංග අතරින් ප්‍රමුඛ වන්නේ එහි ඇති සුගන්ධයයි- එම නව සුවඳ දිගු වේලාවක් පුරා සම මත රැඳෙමින් රෝම ඉවත් කිරීමේ අත්දැකීම ප්‍රසන්න අත්දැකීමක් බවට පත් කරයි- එමෙන්ම නව Veet Pure වියලි සම සඳහා මිදි ඇට තෙල්, සාමාන්‍ය සම සඳහා පිපිඤ්ඤා සාරය සහ සංවේදී සම සඳහා කෝමාරික සාරය සමඟින් වර්ග තුනක් වශයෙන් හඳුන්වාදී ඇති නිසා කාන්තාවන්ට පහසුවෙන් සිය සමට වඩාත්ම සරිලන නිෂ්පාදනය තෝරා ගැනීමේ පහසුව සළසා දී ඇත-

මෙම නව විශේෂාංග නිසා නව Veet Pure පහසුව, ප්‍රතිඵලදායී බව, ආරක්ෂාව මෙන්ම වියදම අතින්ද රෝම ඉවත් කිරීම වෙනුවෙන් භාවිතා කෙරන අනෙකුත් සියළුම ක්‍රම වලට වඩා සාර්ථක විසඳුමක් බවට පත්ව තිබේ

advertistmentadvertistment
advertistmentadvertistment