විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ නව ක්‍රමවේදයක් සඳහා කාගිල්ස් USAID සමග අත්වැල් බැඳ ගනී

95

වෙළඳසැලට යන අතරතුර වාහනය ආරෝපණය කරගන්න

කාගිල්ස්, ජාත්‍යන්තර සංවර්ධන කටයුතු සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID) ඔස්සේ එක්සත් ජනපදය සමග අත්වැල් බැඳගනිමින් විද්‍යුත් වාහන හිමි සියලු‍ම ශ්‍රී ලාංකිකයින් වෙත පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීමට හැකිවන සාර්ථක ව්‍යාපෘතියක් ඊයේ (21වැනිදා) ආරම්භ කරනු ලැබීය.

මෙහි සමාරම්භක අවස්ථාව ඊයේ (21වැනිදා) බෞද්ධාලෝක මාවතේ කාගිල්ස් ෆුඩ් සිටිහිදී පැවැත්විණි.

ඒ අනුව කොළඹ පිහිටි කාගිල්ස් වෙළඳසල් කිහිපයක සූර්ය බල විදුලි ආරෝපණ මධ්‍යස්ථාන (EV) ආරම්භ කිරීමට ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන මගින් කාගිල්ස් සහ USAID සම මූල්‍ය දායකත්වය දරා ඇත. මෙම නව්‍ය ප්‍රයත්නයෙහි මූලික අරමුණ වන්නේ ඕනෑම සමාජ ආර්ථික පසුබිමක් සහිත පුද්ගලයින් සඳහා පහසු සහ දැරිය හැකි ආකාරයේ ආරෝපණ විකල්ප සැපයීම මගින් විශේෂයෙන්ම විද්‍යුත් වාහන සඳහා පුනර්ජනනීය බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීමය.

දීපව්‍යාප්ත විද්‍යුත් ආරෝපණ මධ්‍යස්ථාන ජාලයක අවශ්‍යතාවය මෙන්ම විද්‍යුත් වාහන සඳහා වන ප්‍රමිතීන් සහ ප්‍රතිපත්ති වඩා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයද මැනවින් හඳුනා ගනිමින් USAID ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන රජයේ සහ පෞද්ගලික අංශයේ අදාළ ආයතන සමඟ අත්වැල් බැඳගනිමින් තිරසර E – mobility තත්ත්වයක් අත්පත් කර ගැනීම දක්වා ක්‍රියා කරනු ඇත.

බලශක්ති සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම, ආර්ථික වර්ධනය ඉහල නැංවීම සහ දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීම අරමුණු කොට ගෙන කාගිල්ස් මෙම වැඩසටහන සමග එක්වේ.

විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ නව ක්‍රමවේදයක් සඳහා කාගිල්ස් USAID සමග අත්වැල් බැඳ ගනී

2024 මාර්තු 21 වන දින බෞද්ධාලෝක මාවතේ කාගිල්ස් ෆුඩ් සිටිහි පැවති සමාරම්භක උත්සවයේ දී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මෙම ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත්කළ සහයෝගීතා ප්‍රයත්නය ඇගයීමට ලක් කරමින් සංවර්ධන අභියෝගවලට විසඳුම් සෙවීමේදී පුද්ගලික අංශයේ සහයෝගය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ නිසා මෙම ව්‍යාපෘතිය වගේම අනෙකුත් අංශයන්ගෙන්ද එක්සත් ජනපදය සමග ඇති ප්‍රබල හවුල්කාරීත්වය වෙනුවෙන් කාගිල්ස් වෙත මගේ කෘතඥතාවය පළකිරීමට ලැබීම ගැන මම සතුටට පත්වෙනවා ”‍යැයි පැවසුවාය.

කාගිල්ස් සිලෝන්හි ආයතනික උපායමාර්ග සහ ආයෝජන සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකරු චන්දන කැලේගම මහතා ව්‍යාපෘතියේ විභව බලපෑම් පිළිබඳව සිය උද්යෝගය පළ කරමින් ප්‍රකාශ කර සිටියේ USAID සමග එක්ව මෙම නවීන සේවා පහසුකම යථාර්තයක් බවට පත් කරගැනීමට හැකිවීම පිළිබඳව කාගිල්ස් සතුටට පත්වෙනවා. අපගේ ව්‍යාපාරයේ දැක්ම වන්නේ අපගේ ගනුදෙනුකරුවන්ට නව අගයන් සහ පහසුකම් අඛණ්ඩව පිරිනැමීමයි. ඇත්තටම ප්‍රවාහනය සඳහා තිරසර බලශක්ති විසඳුම් හඳුන්වාදීමේ ජාතික ප්‍රයත්නයට සහායවීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා යනුවෙනි.

විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ නව ක්‍රමවේදයක් සඳහා කාගිල්ස් USAID සමග අත්වැල් බැඳ ගනී

කොළඹ පිහිටි කාගිල්ස් අලෙවිසල්වල විද්‍යුත් ආරෝපණ මධ්‍යස්ථාන (EV) 06 ක් ස්ථාපනය කිරීම පුළුල් විධිමත් සැලැස්මක ප්‍රථම අදියර සනිටුහන් කරයි. කාගිල්ස්හි 520 කට අධික දීප ව්‍යාප්ත පුළුල් අලෙවිසල් ජාලය සහ 70 කට අධික KFC අවන්හල් ජාලය හරහා ඉදිරි මාසවලදී ශ්‍රී ලංකාව පුරා EV ආරෝපණ මධ්‍යස්ථාන සංඛ්‍යාව ඉහළ නැංවීම ව්‍යාපෘතියේ අරමුණයි.කාගිල්ස් සහ USAID ශ්‍රී ලංකා වැඩසටහන අතර වන මෙම නව්‍ය හවුල්කාරීත්වය සමඟ ශ්‍රී ලංකාව සැමට වඩාත් තිරසර අනාගතයක් නිර්මාණය කරලමින් පුනර්ජනනීය බලශක්ති භාවිතයේ වැදගත් පියවරක් තැබීමට සූදානමින් සිටියි.

ඡායාරූප නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment