හරක් කටාගේ මෝසම 26දා කැඳවයි

172

මේ වනවිට තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙසට හා ඔහුගේ සුබසාධන කටයුතු සඳහා පහසුකම් සපයන ලෙසට ඉල්ලා ගොනුකර ඇති මෝසම් පත්‍රයේ සඳහන් කරුණු තහවුරු කිරීම සඳහා ලබන 26 වැනිදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය.

එම නඩු කටයුත්ත නීතිපතිවරයා වෙනුවෙන් මෙහෙය වන ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ලබන 26 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින බැවින් එදින එම මෝසම් පත්‍රය කැඳවීමට නියම කරන්නැයි රජයේ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය.

නීතිඥ සංජය ආරියදාස, නිශ්ශංක පීරිස්, නුවන් ද අල්විස් යන නීතිඥ මණ්ඩලය සමග ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment