අද සහ හෙට නුවරඑළියේ පාසල් වැසේ

157

අද (06) සහ හෙට දින දෙකේ නුවරඑළිය පාසල් වසා දැමීමට තීරණය කළ බව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කියයි.

නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් පාසල් අවට හා පාසල්වලට පැමිණෙන මාර්ගවල ඇති ආපදා තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරමින් දෙමව්පියන් රැසක් නුවරඑළිය දිසාපතිවරයාගෙන් කළ ඉල්ලීම පරිදි නුවරඑළිය දිසාපති දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් කළ ලිඛිත ඉල්ලීමට පිළිතුරු වශයෙන් අද සහ හෙට දිනයන්වල නුවරඑළිය අධ්‍යාපන කලාපයේ පාසල් සියල්ල වසා දැමීමට මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ උපදෙස් මත කටයුතු කළ බව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලසන්ත අබේරත්න මහතා පවසයි.

නාලක රත්නායක – නුවරඑළිය

advertistmentadvertistment
advertistmentadvertistment