ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන ලෙස ඉල්ලමින් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ගේ දෙමාපියන් පිරිසක් වැලිමඩ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටදී පෙරේදා (18 දා) විරෝධතාවක නිරත විය.
පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගයේදී ලබාදුන් ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න තුනක් කලින් පිටව ඇති බවට සැලවීමත් සමග මෙලෙස දෙමාපියන් සිය විරෝධය පළකර සිටි අතර ඔවුන් කියා සිටින්නේ ප්‍රශ්න තුනක් පිටව ඇති බවට පැවසුවත් ප්‍රශ්න පත්‍රයම පිටව තිබීමටත් ඉඩ ඇති නිසා නැවත මෙම විභාගය පැවැත්විය යුතු බවය.
මෙවන් කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වන පිරිස් සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් විරෝධතාවට එක්වූ දෙමාපියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
බොරලන්ද – සමන්ත කුමාර