ෂානි ඝාතන සැලසුම් පෙත්සම සලකා බලයි

118

තමන් රිය අනතුරකට ලක් කර ඝාතනය කිරීමේ සැලසුමක් ඇතැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා මෙම මස 09 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අ නියෝග කර ඇත.තමන් රිය අනතුරකට ලක් කර ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බැවින් දැනට ලබාදී තිබෙන ආරක්ෂාව දැඩි කරන මෙන් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර මහතා මෙම පෙත්සම ගොනුකර තිබේ.අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්, ජාතික පොලිස් කොමිසම සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ඇතුළු පිරිසක් නම් කර තිබේ.අදාළ පෙත්සම විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.


advertistmentadvertistment