ගෙවතු වගාවට හානි කරන රිළවුන්, වඳුරන් ඇතුළු වන සතුන් පලවා හැරීම සඳහා රතිඤ්ඤ යොදාගෙන නිෂ්පාදනය කර තිබෙන උපකරණයට (තුවක්කුවට) අවශ්‍ය බලපත්‍රය මෙතෙක් ලබාදීමට කටයුතු නොකිරීම නිසා එම උපකරණය නිෂ්පාදනය කළ තැනැත්තාට ඒවා අලෙවි කර ගැනීමට නොහැකිව ඇතැයි ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරී එම්.පී. ගාමිණී මහතා පැවසීය.
කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කුසලක නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කඹුරුපිටිය කෘෂිකර්ම කමිටුවේදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, මෙය වගාවට හානිකරන වන සතුන් පලවා හැරීමට හැකි සාර්ථක උපකරණයක්. මෙය දින කීපයක් භාවිත කිරීමෙන් පසු උපකරණය දකින විටත් වන සතුන් බියට පත්වී පලා යනවා. සුළු පරිමාණ නිෂ්පාදකයකුට මේ නිසා ව්‍යාපාරයක් කර සාර්ථක වීමට නොහැකිවී තියෙනවා. පසුගිය ජනවාරි මාසයේ බලපත්‍රය ලබාදෙන බව පවසා තිබුණත් මෙතෙක් එය ලබාදීමට කටයුතු කර නැහැ.
පී.එල්. ජයවර්ධන – කඹුරුපිටිය