සමනල වැව් බැම්මේ සිදුරු 7ක්

305

සමනල වැව ජලාශයේ වැව් බැම්මේ සිදුරු හතක් නිසා ඉන් ජලය කියුබික් මීටර් මිලියන විස්සක් අපතේ ගොස් ඇතැයි ලංවිම ඉංජිනේරුවරුන් ඇතුළු පර්යේෂකයන් විසින් හෙළිකර තිබේ.

මේ වනවිට එම ජලාශයේ ජල මට්ටම අඩියට ම සිඳී තිබෙන නිසා ජලාශයේ එම සිදුරු හඳුනාගෙන අලුත්වැඩියා කිරීමට අවසර දෙන ලෙස ලංවිම, විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතාගෙන් විදුලි ඉංජිනේරුවන් ඉල්ලා ඇත. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද ඒ පිළිබඳ දැනුම් දී ඇති ඇමැතිවරයා ලංවිම ඉංජිනේරුවන් ඇතුළු පිරිසට එම අලුත්වැඩියා කටයුතු සඳහා අවසර ලබා දී ඇත.

මෙම සිදුරු සම්බන්ධයෙන් වරින්වර තොරතුරු ලැබී තිබුණ බවත් එම සිදුරු හත වසා දමන්නේ නම් අපතේ යන ජලයෙන් රුපියල් බිලියන දෙකක් (කෝටි 200) ක් වටිනා ජල විදුලි ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි බවත් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා සිකුරාදා (01 වැනිදා) කියා සිටියේය.

ශිරාන් රණසිංහ


advertistmentadvertistment