පාකිස්තාන – බංග්ලාදේශ විස්සයි – 20 තරගාවලිය
සල්මාන් අගා ගේ නායකත්වයේ ඉනිමත්, තුන්ඉරියව් ක්‍රීඩක ශදාබ් ඛාන්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹයත් සහ හසන් අලී ගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි – 20 තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 37ක පහසු ජයක් ලැබීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම සමත්විය.
පෙරේදා (28 දා) පාකිස්තානයේ ලාහෝර්හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ලබාගත් ලකුණු 201කට පිළිතුරු ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායමට ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 164ක් වීම හේතුවෙන් ලකුණු 37ක පහසු ජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායමට හැකිවිය.
ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද පාකිස්තානයට හැකියාව ලැබිණි.
පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී සල්මාන් අගා ලකුණු 56ක්, ශදාබ් ඛාන් ලකුණු 48ක්, හසන් නවාස් ලකුණු 44ක් සහ මොහොමඩ් හැරිස් ලකුණු 31ක් ලැබීය.
පන්දු යැවීමේදී සොරිෆුල් ඉස්ලාම් ලකුණු 32කට කඩුලු 2ක් දවාලීය.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ලින්ටන් ඩාස් ලකුණු 48ක්, ජැකර් අලී ලකුණු 36ක් සහ තන්ෂින් හසන් ලකුණු 31ක් ලැබීය.
පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ හසන් අලී ලකුණු 30කට කඩුලු 5ක් සහ ශදාබ් ඛාන් ලකුණු 26කට කඩුලු 2ක් බිඳහෙළීය.
තරගයේ වීරයා ලෙස ශදාබ් ඛාන් සම්මාන ලැබීය.
සිසිර ඉන්ද්‍රජිත්