සැකකරුවකු අත්අඩංගුවට ගන්න පොලිසිය ජනතා සහාය ඉල්ලයි

25

සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටී.

පසුගිය වසරේ දෙසැම්බර් මස 28 දා සීදූව පොලිස් වසමේ ලියනගේමුල්ල ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් කිහිපදෙනකු විසින් එම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් තිදෙනකුට ටී-56 ගිනිඅවියකින් වෙඩිතබා දෙදෙනකු ඝාතනය කර තිබුණි.

එහිදී එක් අයකුට තුවාල සිදුව තිබූ අතර ඒ අනුව සීදූව පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කළේය. අදාළ අපරාධයට සම්බන්ධ සැකකරුවකු මේ වනවිට පදිංචිය හැරගොස් පලා ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

මොහොමඩ් අස්මන් ශෙරීෆ්ඩීන් නමැති රද්දොළුගම, කටුවන පාර, හෝමාගම ලිපිනයේ පදිංචි එම සැකකරුගේ ඡායාරූපයක් මෙහි දැක්වෙන අතර සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් සීදුව පොලිසිය වෙත දැනුම්දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.


advertistmentadvertistment