මට වැටුප් වැඩි වුණේ නෑ – මහ බැංකු අධිපති නන්දලාල් කියයි

172

මෑතකාලීන මහ බැංකු වැටුප් වැඩිවීමෙන් මහ බැංකු අධිපතිවරයා ලෙස තමාට කිසිදු වැටුප් වැඩිවීමක් සිදුව නැතැයි ද තම වැටුප් වැඩිවීම බින්දුව බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ‘දිවයින’ ට පැවැසීය.

මෙම වැටුප් සංශෝධනය අදාළ වන්නේ නියෝජ්‍ය අධිපති මට්ටම දක්වා පමණක් බවත්, මේ වැටුප් සංශෝධනයෙන් මහ බැංකු අධිපති ලෙස තම වැටුප පහළ ශ්‍රේණිවල ඇතැම් නිලධාරීන් ඇතුළු බොහෝ මහ බැංකු කාර්ය මණ්ඩලයට වඩා අඩු බවත් මහ බැංකු අධිපති ආචාර්ය වීරසිංහ පැවසීය.

“වෘත්තීය මහ බැංකුකරුවකු වශයෙන් මගේ දැනුම සහ පළපුරුද්ද උපයෝගී කර ගනිමින් ආර්ථිකය මුහුණ දී ඇති දරුණුම අර්බුදයෙන් එය ගොඩගැනීම සඳහා ඇති කැමැත්ත නිසා මම මේ තනතුර භාර ගත්තා. ඒ නිසා මගේ වැටුප ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ.” යැයි මහ බැංකු අධිපතිවරයා තවදුරටත් පැවසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment