සැමියා හා අනියම් බිරිය රාගයෙන් වෙළෙන හැටි කැමරා කර හිටපු පොලිස් නෝනා කප්පම් ඉල්ලලා

1086

ඇමැති ආරක්ෂක අංශයේ කොස්තාපල්වරයකු කාන්තාවක සමග පවත්වාගෙන ගිය ලිංගික සම්බන්ධතාවය කැමරාගත කර එම දර්ශන සමාජ ජාලා වෙත මුදා හරින බවට දැනුම්දී ඇයගෙන් රුපියල් ලක්ෂ පනහක කප්පමක් ඉල්ලා සිටි කොස්තාපල්වරයාගේ නීත්‍යනුකූල බිරිඳ වන හිටපු පොලිස් කාන්තාවක ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය වන පොලිස් කාන්තාවගේ අනුදැනුම අනුව ඇගේ සැමියාවූ ඇමැති ආරක්ෂක අංශයේ කොස්තාපල්වරයා මෙම අනියම් සබඳතාවය පවත්වාගෙන ගොස් ඇතැයි ළමා හා පොලිස් කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් ප්‍රදීප් මහතා ‘දිවයින’ට පැවැසීය.

මේ අනුව මෙම වීඩියෝ දර්ශන නැරඹූ කොස්තාපල්වරයාගේ බිරිඳවූ හිටපු පොලිස් කාන්තාව අදාළ කාන්තාව අඹේපුස්ස ප්‍රදේශයේ දී මුණ ගැසී මෙම කප්පම් මුදල ඉල්ලා ඇති බව පොලිසිය කියයි.

මෙවැනි විශාල මුදලක් තමාට දිය නොහැකි බව පැවසූ පැමිණිලිකාර කාන්තාව මේ බව ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කර තිබේ.

ඇමැති ආරක්ෂක අංශයේ කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණි.

ඔහුගේ සේවය තහනම් කර තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment