සැහැල්ලු පන්දු ක්‍රිකට් සැණකෙළිය මීගමුවේදී

77

සංචාරක කර්මාන්තයේ නියුතුවූවන්ට පමණක් සීමාවූ පිරිමි සහ කාන්තා සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරග සැණකෙළියක් පැවැත්වීමට ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය කටයුතු යොදා ඇත.

එපික් හෝල්ඩින් සමාගමේ සංවිධායකත්වයෙන් සහ රෝඩ්ටු ශ්‍රී ලංකා ටුවර්ස් සම්බන්ධීකරණයෙන් ‘ට්‍රැවල් ට්‍රඩ් ක්‍රිකට් සැණකෙළිය 2025’ අප්‍රේල් 28 වැනිදා පෙ.ව. 8.00 ට මීගමුව විජේපාල මෙන්ඩිස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. කාන්තා තරගාවලිය අප්‍රේල් 29 වැනිදා එම ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර, අවසන් මහා තරගය ජූනි 17 වැනිදා මීගමුව විජේපාල මෙන්ඩිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලියට සහභාගි වීම පිළිබඳව වැඩි විස්තර 0773888320, 0719801320 යන අංක වලින් තරගාවලි කළමණාකාර ඩී.පී.සී. ප්‍රසන්න මහතා අමතා ලබාගත හැක.


advertistmentadvertistment