ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කර ඇති නීති විරෝධී සංක්‍රමණිකයන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පිටුවහල් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළ යටතේ බ්‍රසීලයට ගුවන් මගින් ප්‍රවාහනය කළ බ්‍රසීල ජාතිකයන් 88 දෙනකුගේ දෑත්වලට මාංචු දමා” පානය සඳහා ජලයවත් ලබා නොදීමට මුල් වූ හේතුව පැහැදිලි කරන ලෙස බ්‍රසීල රජය විසින් ඇමෙරිකානු රජයෙන් දැඩි කෝපයෙන් යුතුව ඉල්ලීමක් කර තිබේ. ඉකුත් සිකුරාදා ගුවන් මගින් ඇමෙරිකාවේ සිට බ්‍රසීලයට පිටුවහල් කර තිබූ නීති විරෝධී අයුරින් ඇමෙරිකාවේ රැඳී සිටි බ්‍රසීල ජාතිකයන් 88 දෙනාට පැය හතරක් වූ ගුවන් ගමන් කාලය තුළදී දෑත්වලට මාංචු යොදා තිබී ඇති අතර ගුවන් යානයේ වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියා විරහිත කර තිබූ බවත් අදාළ සංක්‍රමණිකයන් පිරිසට පානයට ජලය ලබා නොදී වැසිකිලියට යෑමටවත් අවස්ථාවක් ලබාදී නොතිබූ බව බ්‍රසීල බලධාරීන් විසින් අවධාරණය කර තිබේ.
මෙසේ පිටුවහල් කර තිබෙන බ්‍රසීල ජාතිකයනට අවශ්‍ය මූලික පහසුකම්වත් නොසැපයීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් වායුසමීකරණ යන්ත්‍ර නිවා දැමීම හේතුවෙන් ගුවන් යානය තුළ අධික උණුසුමක් පැවතීම නිසා ඇතැම් සංක්‍රමණිකයන් සිහිසුන් වී ඇති බව බ්‍රසීල බලධාරීහු පවසති’ මෙම මාංචු දැමූ බ්‍රසීල ජාතිකයන් රැගත් ගුවන් යානය එහි ගමනාන්තය වෙත ළඟා වීමට පෙර උතුරු බ්‍රසීලයේ ‘මනාවුස්’ නගරයට ගොඩබාන ලද අවස්ථාවේදී අදාළ පිරිසට මාංචු යොදා ඇති බව හෙළි වී ඇති අතර වහාම ඔවුන්ගේ මාංචු ඉවත් කරන ලෙස බ්‍රසීල බලධාරීහු ඇමෙරිකානු නිලධාරීන් වෙත නියෝග කර ඇති බව වාර්තා වේ. බ්‍රසීල විදේශ කටයුතු අමාත්‍යාංශයට හා බ්‍රසීල අධිකරණ ඇමැති රිකාඩෝ ලුවැන්ඩොව්ස්කිට අනුව මෙසේ මාංචු දමා නීති විරෝධී සංක්‍රමණිකයන් රටින් පිටුවහල් කිරීම බ්‍රසීල ජාතිකයන්ගේ මානව හිමිකම් නොසළකා හැරීමක් මෙන්ම ඔවුනට අගෞරව කිරීමකි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ප්‍රතිපත්ති මාලාවේ ප්‍රධානතම අංගය වශයෙන් ඇමෙරිකාවේ රැඳී සිටින නීති විරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් දියත් කර ඇති අතර ඒ යටතේ ඉකුත් සිකුරාදා දිනයේ බ්‍රසීලයට හා ගුවාතමාලාවට එම රටවලින් පැමිණි නීති විරෝධී සංක්‍රමණිකයන් පිරිසක් පිටුවහල් කර තිබේ.