සිරි දළදා වන්දනාව වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක වූ විශේෂ දුම්රිය සේවාව ඊයේ (24දා) සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඒ සඳහා දිනකට දුම්රිය 03ක් යොදවා තිබිණ. දුම්රිය මගින් විශාල පිරිසක් වන්දනාව සඳහා යෑම පාලනය කිරීම මෙන්ම සාමාන්‍ය දුම්රිය සේවාව පවත්වාගෙන යෑමට ඇති බාධා සැලකිල්ලට ගෙන එම දුම්රිය ධාවනය අත්හිටු වූ බව දුම්රිය උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.
කෙසේවෙතත් මහනුවර දක්වා ක්‍රියාත්මක සාමාන්‍ය දෛනික දුම්රිය ධාවනය එලෙසම සිදු වන බවද ඔහු කියා සිටියේය.
අකිත පෙරේරා